මතට තිත තැබූ පූජා


2017-04-18 09:51:00
“තමන් මත්පැන්වලට ඇබ්බැහි වී සිටින බව පිළිගන්නට සූදානම් නම් ඒ ලජ්ජාසහගත චර්යාවෙන් මිදීම පහසු යැයි ප්‍රවීණ නිළියක වන පූජා භාට් පවසනවා. ඇය එලෙස කියන්නේ අත්දැකීම් රැසක් ඇතිවයි. ඔව්. ඇය වසර කිහිපයක්ම මත්පැනට ලොල්වී සිටි අයකු බවයි දැන් හෙළි වී ඇත්තේ. එයින් මිදෙන්නට විවිධ උපක්‍රම යෙදූ මේ සුරූපිනිය, අන්තිමේදී දැඩි කැපවීමකින් යුතුව දින 90ක් මනස හසුරුවාගෙන මත්පැන් බෝතලය ඈත්කර සිටියා.

තමන් මත්පැන් ලෝලියක වූ බව පිළිගත් නිසා මෙවැනි සාර්ථක ප්‍රතිඵලයක් අත්කර ගන්නට හැකි වූ බවයි පූජා පවසන්නේ. මිතුරු මිතුරියන් මත්පැන් සාද පවත්වන්නට ආරාධනා කළත් ඒවාට එක් නොවී අභියෝගාත්මක දින 90ක් ගත කරන්නට පූජාට හැකිවෙලා. “පහුගිය නත්තල් දවසේ තමයි මම මේ තීරණය ගත්තෙ. එදා මම හෑන්ඩ් ෆෝන් එක නිශ්ශබ්ද කරලා මම ම රෑ කෑම හදාගෙන කෑවා.

වතුර වීදුරුවක් බීලා නිදා ගත්තා. මම බේරුණා. මට හිතුණා, මගේ ජීවිතයේ මෙතෙක් මම ලබපු ඉහළම තෑග්ග මේකයි කියලා. ඊට පස්සෙ මම ඉතාම සතුටින් 2017 නව වසරත් පිළිගත්තා. මගේ ජීවිතය තුළ ස්කොට්ලන්ත නැදෑකමකුත් තියෙනවා. මගේ සීයා (මවගේ පියා)ට ස්කොට් ජාතික නෑකමක් තියෙනවා. මගේ තාත්තා මත්පැන් ලෝලියෙක් වෙලා හිටියා.

ඒක කවුරුත් දන්නවා. ඉතින් මමත් මත්පැනට පුරුදු වුණා. කොහොම වෙතත් මේක හැම ප්‍රශ්නයකටම උත්තරය නොවන බව මට තේරුම් ගියා. මගේ තාත්තා (චිත්‍රපට අධ්‍යක්ෂ මහේෂ් භාට්) පහුගිය අවුරුදු 28 දීම මත්පැන් බිව්වෙ නැහැ.” පූජා පිරුණු හඬකින් එලෙස කීවා.

1989 දී තිරගත වූ තම පියා අධ්‍යක්ෂණය කළ ‘ඩැඩි’ චිත්‍රපටයේ රංගනය ද පසු කාලයේදී තදින්ම බලපෑ බවයි පූජා පවසන්නේ. “මේ චිත්‍රපටියේ මත්පැන් බොන තාත්තා කෙනකුට එයින් මිදෙන්න උදවු කරන දුවකුගේ චරිතයක් මම රඟපෑවා. මම හිතුවෙ නැහැ, මේ චරිතය කවදා හරි මගේ ජීවිතයේ යහපතට බලපාවිය කියලා.”
Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

Main page l   Bollywood Sinhala Articles    Bollywood Photos    

o
Copyright © 2016 Gigies (Pvt) Ltd. All Rights Reserved
Email - webmaster@tharunaya.co.uk
Hot Line - 011 20 40 400
Design and Devoloped by:
Gigies(Pvt)Ltd