බදු ගෙවීමේ මුල් තැන සල්මන්ට


2017-04-17 10:09:00
බොලිවුඩ්පුරයේ වැඩිම ආදායම් බදු ප්‍රමාණයක් ගෙවන සුපිරු තරුව කවුරුන් කියල ද ඔබ හිතන්නෙ? ඔබේ හිතට ඇතුළු වේවි, මේ වන විට ජනප්‍රියත්වයට පත්ව සිටින නළු නිළියන් කිහිප දෙනකුගේ නම් වැලක්. ඒත් එක් කෙනකුගෙ නමක් හිතාගන්න බැරි වෙයි.

පසුගියදා බොලිවුඩයෙන් වාර්තා වූ අන්දමට ඉහළම ආදායම් බද්දක් පසුගිය වසරේ ගෙවා ඇත්තේ සුපිරි නළු, සල්මන් ඛාන්. 2016-17 මූල්‍ය වර්ෂය සඳහා සල්මන් විසින් ගෙවන ලද බද්ද ඉන්දීය රුපියල් කෝටි 44.5ක්. 2015-16 මූල්‍ය වර්ෂයේදී ඔහු ගෙවා ඇත්තේ රුපියල් කෝටි 32.2 යි.

මේ අනුව බොලිවුඩ් සිනමාවේ ඉහළ ආදායම් බදු ගෙවන අමීර් ඛාන්, ආක්ෂේ කුමාර් සහ රිතික් රෝෂන් යන සුපිරි නළුවන් තිදෙනා පරාජය කරමින් සල්මන් පළමු තැනට පත්ව සිටිනවා. ආක්ෂේ කුමාර් 2016-17 වෙනුවෙන් ගෙවා ඇත්තේ රු. කෝටි 29.5ක ආදායම් බද්දක්. ඔහු ඊට කලින් වසරේදී ගෙවා ඇත්තේ රු. කෝටි 30ක්. මේ හේතුවෙන් ඔහු ආදායම් බදු ගෙවන බොලිවුඩ් තරු පරපුරේ දෙවැනි තැනට පත්ව සිටිනවා.

තුන්වැනි තැනට පත්ව සිටින්නේ රිතික් රෝෂන්. ඔහු 2016-17 මූල්‍ය වර්ෂය වෙනුවෙන් ගෙවා ඇත්තේ රු. කෝටි 25.5 යි. ඔහු, ඊට කලින් වර්ෂයේ ගෙවා ඇත්තේ රු. කෝටි 14ක් පමණයි. මේ අනුව ඔහුගේ බදු මුදල 74% කින් වැඩිවී තිබෙනවා. අමීර් ඛාන් සහ රන්බීර් කපූර් මේ ලැයිස්තුවේ සිටින්නේ ඊටත් පහළින්.

සුපිරි නළු අමිතාබ් භච්චන් සහ ශාරුක් ඛාන් මෙන්ම සුපිරි නිළි ඓශ්වර්යා රායි විසින් ගෙවනු ලබන ආදායම් බදු ප්‍රමාණය මෙතෙක් හෙළි වී නැහැ. ඔවුන්ගේ මූල්‍ය ගනුදෙනු පිළිබඳ විස්තර ආන්දෝලනාත්මක පැනමා ලේඛන සමඟ සම්බන්ධ වී තිබීම එයට හේතුව බවයි පැවසෙන්නේ.
Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

Main page l   Bollywood Sinhala Articles    Bollywood Photos    

o
Copyright © 2016 Gigies (Pvt) Ltd. All Rights Reserved
Email - webmaster@tharunaya.co.uk
Hot Line - 011 20 40 400
Design and Devoloped by:
Gigies(Pvt)Ltd