60 ලැබූ දා ‘අනාගත බෑණා’ත් ඇවිත්


2017-01-09 11:52:00
ලන්ඩන් නුවර, ඇනාබෙල්ස් ප්‍රදේශයේ මේෆෙයාර් නම්වූ සමාජ ශාලාවට පැමිණෙන්නේ ලොව ප්‍රකට ධන කුවේරයන්. මෙවැනි පුද්ගලයන්ගේ උත්සව, සම්භාෂණ පැවැත්වෙන මේ සුපිරි ශාලාවට පසුගියදා පැමිණ සිටියේ බොලිවුඩ්පුර බැබළවූ අනිල් කපූර් ප්‍රමුඛ පවුලේ උදවියයි. ඥාතින් රැසක් ද පිරිවරා අනිල් එහි පැමිණියේ තමන්ගේ උපන් දිනය සමරන්නටයි. ඔහුගේ 60 වැනි උපන් දින සැමරුම වෙනුවෙන් තමයි, උත්සවය පැවැත්වුණේ.

වයස 60ක් ලැබුවත් තරුණයකු මෙන් ජැන්ඩියට හැඳ පැලඳගත් අනිල්, එම ස්ථානයට පැමිණියේ තම බිරිය සුනීතා ද කැටුවයි. වැඩිමල් දියණිය සෝනම් සහ බාල දියණිය, රියා ද උපන් දින උත්සවයේ කටයුතු සොයා බැලුවා. චිත්‍රපට අධ්‍යක්ෂ කරන් බූලානි ද එහි පැමිණ සිටියේ ‘අනාගත ඥාතියකු’ විලසින්. ඔහු සහ රියා පෙමින් බැඳී සිටින්නේ වසර 4ක පමණ කාලයක පටන්. නුදුරු දිනයකදීම කරන් සහ රියා අතිනත ගනීවි.

මේ උපන් දින උත්සවයට පැමිණි තවත් අමුත්තකු වෙත කපූර් පවුලේ සාමාජිකයන් මෙන්ම අනෙකුත් සමීප ඥාතීන්ගේ ද අවධානය යොමුවුණා. මේ අමුත්තාගේ නම, ආනන්ද් අහුජා. ඔහු තමයි සෝනම්ගේ පෙම්වතා. දිල්ලි නුවර ව්‍යාපාර කටයුතුවල නිරතව සිටින ඔහු සතුව රෙදිපිළි අලෙවි සලක් ද තිබෙනවා. මෙය, බොලිවුඩ් නළු නිළියන්ගේ ප්‍රියතම නිමි ඇඳුම් මන්දිරයක්.

අනිල් කපූර්ගේ උපන් දින උත්සවයට ආනන්ද් පැමිණෙතැයි බොහෝ දෙනකු සිතුවේ නැහැ. ඒත් සියල්ලන්ම පුදුම කරවමින් පැමිණි අනිල්ගේ මේ අනාගත බෑණා, පවුලේ සියලු දෙනා සමඟ එක්වී බොහෝ වේලාවක් රැඳී සිටියා.
Wmqgd .ekSu isxy,u.a fjí wvúh weiqfrks

Main page l   Bollywood Sinhala Articles    Bollywood Photos    

Copyright © 2016 Gigies (Pvt) Ltd. All Rights Reserved
Email - webmaster@tharunaya.co.uk
Hot Line - 011 20 40 400
Design and Devoloped by:
Gigies(Pvt)Ltd