පවර් රෑන්ක් එකේ ඉදිරියට අමීර්
2017-01-06 09:24:00
බොලිවුඩ් සිනමාවේ බලවත්ම පුද්ගලයන් අතර දෙවැනි තැනට පත්වීමට සුපිරි බොලිවුඩ් සිනමා නළු අමීර් ඛාන්ට මේ වනවිට හැකිව තිබෙන බව සඳහන් වේ. මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි 450කට වඩා වැඩි මුදලක් උපයාගෙන ඇති ඔහුගේ "දංගල්" චිත්‍රපටය නිසාවෙන් මෙසේ මෙම ලැයිස්තුවේ ඔහුට දෙවැනි තැනට පත්වීමට අවස්ථාව හිමිව ඇති බවට වාර්තා පළවේ.

මෙහි පළමු තැන සල්මාන් ඛාන්ට හිමිව තිබෙන අතර, තුන්වැනි තැන ෂාරුක් ඛාන්ට හිමිව තිබේ. මෙහි මුල් ස්ථාන තුනට පත්ව ඇති %ඛාන්^ නළුවන්ට මෙම "පවර් රෑන්ක්" ලැයිස්තුව තුළ ප්‍රසාද ලකුණු 1000කට වඩා හිමිව තිබීමද විශේෂත්වයකි.

මොවුන්ට පසුව ආක්ෂේ කුමාර්, රිතික් රෝෂන්, අජේ දේවගන් රැඳී සිටිති. ඔවුන්ට හිමිව ඇති ප්‍රසාද ලකුණ ප්‍රමාණය 600ට අඩුවෙන්වීම කැපී පෙනෙන්නකි. මෙහි මුල් දසදෙනාගෙන් අවසන් ස්ථානය හිමිව ඇත්තේ සායිෆ් අලී ඛාන්ටය.

Main page l   Bollywood Sinhala Articles    Bollywood Photos    

o
Copyright © 2016 Gigies (Pvt) Ltd. All Rights Reserved
Email - webmaster@tharunaya.co.uk
Hot Line - 011 20 40 400
Design and Devoloped by:
Gigies(Pvt)Ltd