සායිෆ් - කරීනා යුවළට නව වසරේ තෑග්ගක්


2016-12-31 10:33:00
බොලිවුඩ්පුරවරයේ මුල් බැසගත් සුප්‍රකට කපූර් පෙළපතට තවත් සාමාජිකයකු පසුගිය දෙසැම්බර් 20දා එකතුවුණා. ඒ සුපිරි තරු යුවළක ගේ කුලුඳුල් පුත්‍රයා හැටියටයි. ලොව පුරා සිනමා රසික රසිකාවියන්ගේ ආදරය දිනූ ජනප්‍රිය නිළි කරීනා කපූර් තමයි මේ බිලිඳා මෙලොවට බිහි කළේ. සිඟිත්තා ගේ පියාණන් ගැන අමුතු හඳුන්වාදීම් අවශ්‍ය නැහැ. ඔහු, ජනප්‍රිය නළු සායිෆ් අලි ඛාන්.

සිනමා පරම්පරාවන් දෙකක් යා කළ මේ බිලිඳා උපත ලැබුවේ උදෑසන 8.30 ට දකුණු මුම්බායි හි බ්‍රීච් කැන්ඩි රෝහලේ දීයි. සායිෆ් තම බිරියව රෝහලට ඇතුළත් කළේ 20 දා පෙ.ව. 6.30 ට පමණ. ඊට සුළු මොහොතකට පසුව කපූර් සමීපතම ඥාතීන්, රෝහලට පැමිණියා. ඒ අය තමයි, කරීනා ගේ මව බිබිතා, පියා රන්ධීර් කපූර්, සායිෆ් ‍‍ගේ මව ශර්මිලා තාගෝර්, කරීනාගේ අක්කා කරිස්මා, පියාගේ බාල සොහොයුරු රිෂි කපූර් සහ ඔහුගේ බිරිය නීතු ඇතුළු තවත් ඥාතින් කිහිප දෙනෙක්. මේ සියලු දෙනා ම බ්‍රීච් කැන්ඩි රෝහලේ පළමු මහලේ රැඳී සිටිද්දී ඒ සමීපයෙහි ආරක්ෂක භටයන් වළල්ලක් ම රැකවල් ලා සිටියා.

“මම කරීනා දුවත් එක්ක 19 වැනි සඳුදා රෑ කෑම ගත්තා. ඒ වෙලාවෙ එයා හොඳ සනීපෙන් හිටියා. සායිෆ් තමයි තනිවම දුවගෙ හැම දෙයක් ගැනම හොයා බැලුවෙ. ඇත්තෙන් ම, අපි සායිෆ් ගැන ආඩම්බර වෙනවා. කරීනාට නත්තලට කළින් පුංචි පුතාත් එක්ක ගෙදර එන්න පුළුවන් වේවි. මගේ අම්මාත් ආයෙමත් සැරයක් මී මුනුපුරකුගෙ මිත්තණියක් වුණා.” සතුටට පත් රන්ධීර් කපූර් එලෙස කීවේ මුනුපුරා උපන් උපන් මොහොතේදීයි.

කරීනාට පුතකු ලැබුණු ආරංචිය ලොව පුරා පැතිරෙද්දී කවුරුත් උනන්දු වුණේ සිඟිත්තාගේ නම දැන ගන්නටයි. සායිෆ් - කරීනා යුවළ තම පුතුගේ නම හෙළි කළා. පුතාගේ නම, තයිමූර් අලි ඛාන් පතාඋඩි. තයිමූර්, අරාබි භාෂාවේ යෙදෙන නාමයක්. එහි අරුත අයෝමය යන්නයි. 14 වැනි සියවසේ පර්සියා පාලනය කළ තිමුරිඩ් අධිරාජ්‍යයා ගේ නම තිමූර් යැයි සඳහන් වෙනවා. ඒ ඇසුරින් තමයි තයිමූර් යන නම මේ බිලිඳු පුතුට දී ඇත්තේ.
Wmqgd .ekSu Ys% ,xld ñr¾ fjí wvúh weiqfrks

Main page l   Bollywood Sinhala Articles    Bollywood Photos    

Copyright © 2016 Gigies (Pvt) Ltd. All Rights Reserved
Email - webmaster@tharunaya.co.uk
Hot Line - 011 20 40 400
Design and Devoloped by:
Gigies(Pvt)Ltd