ටීනා දත්තාට අහසේදී අතවරයක්


2016-12-27 09:23:00
ටීනා දත්තා වඩාත් ජනප්‍රිය වී සිටින්නේ රූපවාහිනී ප්‍රේක්ෂක පරපුර අතරයි. ඇය, ‘කලර් ටී. වී.’ නම්වූ චැනලයෙන් විකාශය වන ‘උත්තරන්’ වැඩසටහනට එක්වීමෙන් පසුව පෙරට වඩා ජනප්‍රිය වූවා. බොලිවුඩ් සිනමාවට එක්වුණේ ‘පරිනීතා’ චිත්‍රපටයේ රංගනයෙන්.

මීට සතියකට පමණ පෙර ගුවන් යානයකින් ගමන් කරද්දී ඇයට අත්විඳින්නට සිදුවුණේ අමිහිරි අත්දැකීමකටයි. එම ගුවන් යානයේම ගමන් ගත් අසංවර මගියකු නිසයි ඇයට මේ හිරිහැරය සිදුව‍ුණේ. ටීනා, තමන් ගමන් ගත් ගුවන් යානයේ නම සහ අංකය සඳහන් කරමින් සිද්ධිය මෙලෙස හෙළි කළා...

“එදා උදේ මම මුම්බායි වලින් පිටත් වුණේ රාජ්කොට් බලා යන්නයි. මගේ සීට් එක 30A. මගේ කළමනාකරු හිටියේ 30C සීට් එකේ. අපි දෙන්න කතාබහ කරමින් සිටිද්දී, මට දැනුණා, සීට් එකේ පැත්තකින් කවුදෝ මාව අල්ලනවා. මම හිතුවේ පොඩි දරුවෙක් වෙන්න ඇති කියලා. මේක නැවතුණේ නැති නිසා මම පස්ස හැරිලා බැලුවා. ඒ පොඩි දරුවෙක් නෙමෙයි. ලොකු මිනිහෙක්. 31A සීට් එකේ හිටිය ඒ මිනිහා මාව අතපත ගානවා. මම කෑගැහුවාම ඒ මිනිහා මගෙන් සමාව ඉල්ලුවා. ඉන් පස්සෙ මම ගුවන් සේවිකාවකට මේක කිව්වා. එයාගෙ නම පූජා. එයා ආවෙ අභිජිත් කියන නිලධාරියාත් එක්කයි. ඒත් මේ දෙන්න මට කිව්වෙ, ඔය වගේ දේවල් සාමාන්‍යයෙන් සිද්ධ වෙන නිසා ගණන් ගන්න එපා කියලයි. එහෙම කියල අර මිනිහව වෙන සීට් එකකට මාරු කළා. පස්සෙ මගේ බලවත් ඉල්ලීම නිසා කැප්ටනුත් එතනට ආවා. ඒත් ඒ කිසිම කෙනෙක් මට උදවු කළේ නැහැ.”

“මම ආපහු මුම්බායිවලට ආවෙත් ඒ ගුවන් යානයේමයි. එහෙම එන අතරෙදි මම කෑම කමින් හිටියා. ඒ වෙලාවෙ මගේ සීට් එක ළඟ හිටපු මිනිහෙක් සීට් එකේ අනවශ්‍ය විදිහට දිගා වෙලා හිටියා. ඒ නිසා මට කෑම කන්න අපහසු වුණා. ගුවන් සේවිකාවක් ඇවිත් මේ සිද්ධියට මැදිහත් වුණත් වැඩක් වුණේ නැහැ” ටීනා ඉන්දීය පුවත් සේවයකට මේ ප්‍රකාශය කළේ අදාළ ගුවන් සමාගමටත් නිලධාරීන්ටත් දොස් පවරමින්.
Wmqgd .ekSu isxy,u.a fjí wvúh weiqfrks

Main page l   Bollywood Sinhala Articles    Bollywood Photos    

Copyright © 2016 Gigies (Pvt) Ltd. All Rights Reserved
Email - webmaster@tharunaya.co.uk
Hot Line - 011 20 40 400
Design and Devoloped by:
Gigies(Pvt)Ltd