සායිෆ් දියණියට නිළි වරම් ලැබෙයි


2016-12-26 10:11:00
‘ජෝධා අක්බර්’ සහ ‘මයි නේම් ඉස් ඛාන්’ යන බොලිවුඩ් චිත්‍රපට මීට වසර කිහිපයකට පෙර තිරගත වුණේ ලොව පුරා සිනමා රසිකයන්ගේ උණුසුම් ප්‍රතිචාර මැද්දේ. මේ චිත්‍රපටවල සහාය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරමින් බොලිවුඩ් සිනමාවට එක්වූ නවක කලාකරුවා, කරන් මල්හොත්‍රා. ඉන් පසුව ඔහු තම කුලුඳුල් සිනමා නිර්මාණය ලෙස ‘අග්නීපාත්’ අධ්‍යක්ෂණය කළා. (එය, පැරැණි ‘අග්නිපාත්’ චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක්) මෙහි ප්‍රධාන චරිතයක් රඟපෑවේ රිතික් රෝෂන්.

කරන් මල්හොත්‍රා ළඟදීම තවත් අලුත් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට සූදානම් වෙනවා. මෙය, හාස්‍යොත්පාදක චිත්‍රපටයක්. මෙහි ප්‍රධාන චරිත යුගලයෙන් එක් චරිතයකට රිතික් රෝෂන්ව තෝරාගෙන ඇති අතර ප්‍රධාන නිළිය ලෙස අලුත් මුහුණක් තෝරාගෙන ඇතැයි බොලිවුඩයෙන් ලැබෙන උණුසුම් ආරංචිවල සටහන් වී තිබෙනවා. මේ නැවුම් නිළිය තමයි, සාරා අලි ඛාන්, තවමත් 24 වැනි වියෙහි පසුවන මේ රුවැති යෞවනීය ජනප්‍රිය නළු සායිෆ් අලි ඛාන්ගේ දියණියයි. සාරාගේ මව තමයි, ජනප්‍රිය නිළියක වූ අම්රිතා සිං.

මේ වසරේ මැද භාගයේ පැතිරී ගිය ආරංචියකින් පැවසුණේ ප්‍රවීණ සිනමාකරු කරන් ජොහාර් අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයක ප්‍රධාන නිළිය හැටියට සාරාව තෝරාගෙන ඇති බවයි. කෙසේ වෙතත් මාස කිහිපයක් ගතවෙද්දී සාරාට කරන් ජොහාර්ගේ චිත්‍රපටයේ රඟපෑමේ වරම අහිමි වුණා. ඇගේ මව, අම්රිතා සහ කරන් අතර ඇතිවූ කිසියම් මතභේදයක් මෙයට හේතු වූ බවයි පැවසෙන්නේ.
Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

Main page l   Bollywood Sinhala Articles    Bollywood Photos    

Copyright © 2016 Gigies (Pvt) Ltd. All Rights Reserved
Email - webmaster@tharunaya.co.uk
Hot Line - 011 20 40 400
Design and Devoloped by:
Gigies(Pvt)Ltd