Home / බොලිවුඩ් ගොසිප් / ලූලියාගේ බොලිවුඩ් සිනමා ආගමනය

ලූලියාගේ බොලිවුඩ් සිනමා ආගමනය

2018-11-02 12:09:00       50
feature-top
ලූලියා වැන්ටුර් රුමේනියානු නිළියක සහ මෝස්තර නිරූපිකාවක හැටියටයි ප්‍රසිද්ධ ව සිටියේ. ඊටත් වඩා ඇය බොලිවුඩ් සිනමා රසික පරපුර අතර ජනප්‍රියව සිටියේ සුපිරි නළු, සල්මන් ඛාන්ෙග් පෙම්වතිය හැටියටයි. නමුත්, ලූලියා දැන් බොලිවුඩ් නිළියක ලෙස වෙනස් වෙලා. ඇය රඟන මුල් ම සිනමා පටය ලබන වසරේ මැයි මාසයේ තිරගත ‍කිරීමට සියලු කටයුතු සූදානම් කරලා.

මේ චිත්‍රපටයේ නම, තරමක් දිගයි. ‘රාධා ක්යොන් ගෝරි මේන් - ක්යොන් කාලා’. විදේශීය යුවතියක ඉන්දියාවට පැමිණි පසුව මුහුණ දෙන නොයෙකුත් අත්දැකීම් වටා ගෙතුණු කතාවක් රැගත් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ ප්‍රේම් ආර්. සෝනි යි. විශේෂයෙන් ම මේ විදේශීය යුවතියට සිදුවන අතවර ගැනද මෙහි කතා බහට ලක් වෙනවා.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »