Home / බොලිවුඩ් ගොසිප් / ලොවට ම කිං වූ ‘කිං ඛාන්’

ලොවට ම කිං වූ ‘කිං ඛාන්’

2018-11-01 01:49:00       73
feature-top
ශාරුක් ඛාන්, බොලිවුඩ් සිනමාවේ රජු හෙවත් ‘කිං ඛාන්’ ලෙස මුළු ලොවම හඳුනා ගත්තේ අනූව දශකයේ පටන්. නමුත් අද වන විට මේ බොලිවුඩ් කිං ඛාන් මුළු කලා ලෝකයේ ම රජු බවට පත් වෙලා. ඔහුට ඒ ‘රජකම’ ලැබී ඇත්තේ වත් පොහොසත් කම් තක්සේරු කිරීමකින් පසුවයි.

‘වෙල්දි ගොරිල්ලා’ නම් වූ සුප්‍රකට වෙබ් අඩවිය මඟින් පසුගියදා පවත්වන ලද සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ ලොව ජනප්‍රියත්වයට පත්ව සිටින විවිධ කලාකරුවන් සහ කලාකාරියන් අතරින් පොහොසත් ම පුද්ගලයා ශාරුක් ඛාන් බවයි. මෙම සමීක්ෂණයේ දී එම වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කර ඇති පුද්ගලයන් 20 දෙනා අතරින් ප්‍රථම ස්ථානයටයි, ශාරුක් පත්ව සිටින්නේ. ඒ, ඔහුගේ වත්කම (2018 දී) ඩොලර් මිලියන 750 ක් වන නිසයි. බොලිවුඩයේ ‘බිග්බී’ ලෙස නම් දරා සිටින අමිතාබ් භච්චන්ට මෙම ලැයිස්තුවේ හිමි වී ඇත්තේ හතර වැනි ස්ථානය වීමත් විශේෂත්වයක්. ඒ විතරක් නොවෙයි. හොලිවුඩ් සිනමාවේ සුපිරි තරුවක් වන ටොම් කෲස් ට හිමි වී ඇත්තේ දෙවැනි ස්ථානයයි. සිල්වෙස්ටර් ස්ටැලෝන්, ජැකී චෑන්, ක්ලින්ට් ඊස්ට් වුඩ් වැනි දැවැන්තයන් පවා මෙම ලැයිස්තුවේ 7, 8, 9 වැනි ස්ථානවලට වැටී සිටිනවා. ලැයිස්තුවේ විසිවැනියා, බ්‍රැඩ් පිට්.

මේ අතර, ‘ඒෂියන් ජියෝග්‍රැෆික්’ සඟරාව පසුගිය දා නිකුත් කළ නවතම වාර්තාවකට අනුව ආසියාවේ සිටින කැපී පෙනෙන පුද්ගලයන් 100 දෙනා අතරට එක්ව සිටින බොලිවුඩ් සිනමා තරු යුවළ ලෙස නම් කර ඇත්තේ ශාරුක් ඛාන් සහ ඓශ්වර්යා රායි දෙදෙනා පමණයි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »