Home / බොලිවුඩ් ගොසිප් / රන්වීර් - දීපිකා මංගල්‍යය නොවැම්බරයේ?
රන්වීර් - දීපිකා මංගල්‍යය නොවැම්බරයේ?
2018-06-28 12:12:00  ★ 687

මේ වසරේ සිදුවන වඩාත්ම ආකර්ෂණීය බොලිවුඩ් විවාහ මංගල්‍යය දෙස බොහෝ දෙනකු බලා සිටිනවා. රසික පරපුර උන්මාදයට පත් කළ දීපිකා පදුකෝන් සහ රන්වීර් සිං තමයි එලෙස කාගේත් ආශිර්වාදය මැද අතිනත ගන්නේ. විවාහ මංගල්‍යයට දීපිකා දැඩි උනන්දුවකින් ලක ලැහැස්ති වෙනවා. පසුගිය සතියේ ඇය, තම මව සමඟ ස්වර්ණාභරණ සාප්පු පීරමින් ගියේ ඒ වෙනුවෙන්. මුම්බායි නුවර ඉහළ පෙළේ රන් මාලිගාවලට යමින් තමන්ට ගැළපෙන මාල වළලු මිලදී ගන්නට දීපිකා යුහුසුළු වන අයුරු බොහෝ දෙනකු දුටුවා.
රන්වීර් - දීපිකා විවාහ මංගල උත්සවය නොවැම්බර් 19 දා පැවැත්වෙනු ඇති බවයි දෙපාර්ශ්වයේම මවුපියන් පවසන්නේ. මේ මංගල උත්සවය ස්විට්සර්ලන්තයේදී පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද පැවසෙනවා. මේ හැරුණාම තවත් විවිධ ආරංචි පැතිර යමින් තිබෙනවා. ඇතැම් බොලිවුඩ් ආරංචිවල සටහන්වන්නේ රන්වීර් සිං දැනටමත් අලුත් නිවසක් මිලදී ගෙන ඇති බවයි.
මෙය පිහිටා ඇත්තේ මුම්බායි නුවර ඛාර් නම්වූ ප්‍රදේශයේයි.
රන්වීර් තම දෙමවුපියන් සමඟ දැනට වෙසෙන්නේත් මේ ප්‍රදේශයේම පිහිටි මහ ගෙදරමයි. කෙසේ වෙතත් මේ නිවස මිලට ගැනීමට කලින් පැතිර ගිය ආරංචියක සටහන් වුණේ විවාහ වීමෙන් පසුව දීපිකා සමඟ තම දෙමවුපියන්ගේ නිවසෙහි පදිංචියට යෑමට රන්වීර් තීරණය කර තිබුණු බවයි. උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

හතරවැනි තට්ටුවේ සුදු වෑන් රියදුරන් වමාරයි..
2019-12-14 02:29:00කේරළ ගංජා සමග ගොත අසංකගේ ගෝලයෙකු එස් ටී එෆ් අත්අඩංගුවට
2019-12-14 02:27:00හිටපු ජනපති මෛත්‍රී පොළොන්නරුවේ ශ්‍රීලනිප පාක්ෂික හමුවකට එක්වෙයි
2019-12-14 02:23:00ගූගල් සෙවීම් වැඩිම වචනය ‘ශ්‍රී ලංකාව‘
2019-12-14 01:23:00සීල් මත්ස්‍යයාට බාධා එපා
2019-12-14 01:21:00හාල් 100 පනී.. රතුළුණු 500 පනී.. එලවලු මිල අහසේ.. පොල් මිලත් ඉහලට..
2019-12-14 01:06:00බලධාරීන් නොසලකා හැරි සේනා මඩින දේශීය ක්‍රමයක් ගැන පරිසරවේදියෙකුගෙන් අනාවරණයක්
2019-12-14 01:04:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com