- බොලිවුඩ් ගොසිප්"/> <font face="Courier New">රෝහලෙන් පිටවී යළි රංගනයට</font> - බොලිවුඩ් ගොසිප්
Home / බොලිවුඩ් ගොසිප් / රෝහලෙන් පිටවී යළි රංගනයට

රෝහලෙන් පිටවී යළි රංගනයට

2018-06-22 10:01:00       702
feature-top
බිපාෂා බාසු වසර 3 කින් පමණ අලුත් චිත්‍රපටයක රඟපෑවේ නැහැ. ඇය අවසන් වතාවට රඟපෑ චිත්‍රපටය ‘අලෝන්.’ එය තිර ගත වූයේ 2015 ජනවාරි මාසයේදී. 2016 දී ඇය ‘දාර් සබ්කෝ ලග්තා හේ’ නම් වූ ටෙලි නාට්‍ය මාලාවේ රඟපෑවා. එතැනින් පසුව ඇගේ රංගනයන් දැක ගත හැකි වුණේ නැහැ. ජනප්‍රිය නළු කරන් සිං ග්‍රෝවර් සමඟ විවාහ වීමෙන් පසුව එලෙස රංගන ජීවිතයට මඳක් සමුදී සිටි බිපාෂා ගේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු ඉඳහිට අහන්නට ලැබුණා. පසුගිය දිනවල ඇය යහපත් සෞඛ්‍ය තත්වයකින් සිටියේ නැහැ. ශ්වසන ආබාධයක් හේතුවෙන් ඇයට දින දෙක තුනක් රෝහල් ගතවී සිටින්නට සිදුවූ බවයි, බොලිවුඩ් මාධ්‍ය වාර්තා කර තිබුණේ. රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන්නට පෙර ඇය එම රෝහලෙන් වරින් වර වෛද්‍ය ප්‍රතිකාර ලබා ගෙන තිබෙනවා. ඒ, ඇයට වැලඳුණු ශ්වසන ආබාධයටයි. නමුත් එම ප්‍රතිකාර ප්‍රමාණවත් වී නැහැ. ඒ නිසයි ඇය මුම්බායි නුවර පිහිටි එම රෝහලට ඇතුළත් කර ඇත්තේ. ඇගේ සෞඛ්‍ය තත්වය පිරික්සීම ශ්වසන ආබාධ පිළිබඳ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු විසින් සිදු කරනු ලැබුවා.

“බිපාෂා ට තිබුණේ එතරම් බරපතළ ආබාධයක් නෙමෙයි. ප්‍රතිකාර වලින් ඇයට ඉක්මන් සුවය ලැබුණා. ඇගේ වෛද්‍ය වාර්තා සාමාන්‍යයි.” බිපාෂා ට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා පැවසුවා. සුවය ලද බිපාෂා නැවත නිවසට පැමිණියා.

තවත් ටික දිනකින් තම සැමියා සමඟ ලන්ඩන් නුවර වෙත යන්නටයි බිපාෂා බලාපොරොත්තුව සිටින්නේ. ඒ, ඇය රඟන අලුත් ම චිත්‍රපටයේ රූගත කිරීම් වෙනුවනේ. මේ චිත්‍රපටයේ ඇය තම සැමියා සමඟ රඟපෑමට නියමිතයි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »