Home / බොලිවුඩ් ගොසිප් / පාපන්දුවෙන් පාදයට ආබාධයක්

පාපන්දුවෙන් පාදයට ආබාධයක්

2018-06-20 10:25:00       76
feature-top
රන්බීර් කපූර් ‍නම්වූ සුපිරි යොවුන් නළුවා රංගනය හැරුණම වඩාත් කැමැත්තක් දක්වන්නේ පා පන්දු ක්‍රීඩාවටයි. ඔහු පාපන්දු (ෆුට්බෝල්) පිස්සෙක් කිව්වොත් නිවැරදියි. රන්බීර්ට ම අයත් පා පන්දු කණ්ඩායමක් තියෙනවා. මේ පාපන්දු කණ්ඩායම බොහෝ විට තරග වදින්නේ ඉන්දියාවේ ක්‍රියාත්මක වන සමාජ සත්කාරක වැඩසටහන් වෙනුවෙන්.

පසුගිය සතියේ රන්බීර් සහ ඔහුගේ පාපන්දු කණ්ඩායම එවැනි තරගයකට මුහුණ දුන්නා. රන්බීර් ගේ කණ්ඩායම සමඟ තරග වැදුණේ තවත් සුපිරි බොලිවුඩ් නළුවෙකු නායකත්වය දරන කණ්ඩායමක්. ඒ, අභ‍ිෂේක් භච්චන් ගේ පාපන්දු පිල. තරගය පැවැත්වුණේ ක්‍රීඩා ලෝලීන්ගේ උණුසුම් ප්‍රතිචාර මැද්දේ. මඳ වේලාවක් ක්‍රීඩා කරද්දී රන්බීර් ක්‍රීඩා පිටිය මැද ඇද වැටුණා. මඳකට ක්‍රීඩාව නතර කළ දෙපාර්ශවයේ ම ක්‍රීඩකයන් රන්බීර් ළඟට දුව විත් ඔහු නැගිටුවා බැලුවා. රන්බීර් ගේ පාදයක තුවාල සිදුවී ඇති බව කාටත් දැක ගත හැකි වුණා. ඔහුගේ දකුණු පාදයේ මහපටැඟිල්ලයි තුවාල වී තිබුණේ. වහාම ඔහුව රෝහල් ගත කෙරුණා. රන්බීර් ව පරීක්ෂා කළ වෛද්‍යවරු පැවසුවේ ඔහුගේ මහපටැඟිල්ලේ අස්ථියකට හානි සිදුවී ඇති බවයි. එයට යුහුසුළුව ප්‍රතිකාර ලැබුණා. මේ අනතුර නිසා නිවෙසෙහි දින දෙක තුනක් රැඳී සිටින්නට ඔහුට හැකියාව තිබුණත් තමන් වෙත පැවරී ඇති වෘත්තීය ජීවිතයේ වගකීම් කල් දැමීමට ඔහු පෙළඹුණේ නැහැ.

ඒ නිසා, නිවෙසට පැමිණි රන්බීර්, ඊට පසු දිනයේ ම ගෝව ප්‍රදේශය බලා පිටත්ව ගියා. ඒ, මේ දිනවල රූගත වෙමින් පවතින චිත්‍රපටයක දර්ශන කිහිපයක ම රඟන්නටයි. මහපටැඟිල්ලේ වේදනාව තිබුණත්, ඔහු එම දර්ශනවල රඟපෑවේ නියම වෘත්තීය නළුවකුගේ කැපවීම පෙන්වා දෙමින්.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »