Home / බොලිවුඩ් ගොසිප් / ප්‍රියංකාගේ පෙම්වතා හෙළි වෙයි

ප්‍රියංකාගේ පෙම්වතා හෙළි වෙයි

2018-06-14 11:24:00       169
feature-top
ප්‍රියංකා චොප්රා නම්වූ සුපිරි තරුව හා සබැඳුණු ප්‍රේමණීය අන්දර වටින් ගොඩින් කියැවුණත් ඒ එකකවත් ඇත්තක් තිබෙන බව මෙතෙක් තහවුරු වෙලා නැහැ. මේ ගැන ඇගෙන් කිසිවකු විමසුවොත් ඇය නිතරම කීවේ ‘තවම නම් කිසිම කෙ‍නකුට ආදරය නොකරන’ බව හැඟවෙන කතන්දර පෙළක්. ප්‍රියංකාගේ මේ කියුම් මැද කාලය ගෙවී යද්දී හිටි හැටියේම දෙබරයකට ගල් ගැසුවාක් ‍වැනි දෙයක් සිදුවුණා. ඒ, ප්‍රියංකාට පෙම්වතකු සිටින බවට පුවතක් මුලින් ම බටහිර මාධ්‍ය විසින් වාර්තා කිරීම නිසයි.

ප්‍රියංකාගේ පෙම්වතා ජනප්‍රිය බටහිර ගායකයෙකු වන නික් ජොනාස්ලු. මේ දෙදෙනා දැන් නිතරම මුණ ගැසෙනවාලු.‍ ඇමෙරිකා එක්සත් ජනපදයේ පළවන ප්‍රමුඛ පෙලේ පුවත්පත් හෙළි කර ඇත්තේ ප්‍රියංකා සහ නික් නම්වූ ‘යසට කැපෙන ජෝඩුව’ දැන් ඉතාම සතුටින් ආදරය කරන බවයි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »