Home / බොලිවුඩ් ගොසිප් / එල්ටන් ‍ජෝන් චරිතය සිනමාවට

එල්ටන් ‍ජෝන් චරිතය සිනමාවට

2018-06-12 10:35:00       69
feature-top
බටහිර සංගීත ලෝකය වර්ණවත් කරමින් ශ්‍රාවක සිත් තුළට මියුරු ගීත රැසක් එකතු කළ ජනප්‍රිය ප්‍රවීණ ගායක එල්ටන් ‍ජෝන්ගේ ජීවිත අන්දරය මුසු කළ චිත්‍රපටයක් ලබන වසරේදී දැකගත හැකි වේවි‍. චිත්‍රපටයේ නම, ‘රොකට්මෑන්’. ලී හෝල් තිර රචනය කර ඇති මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ඩෙක්ස්ටර් ෆ්ලෙචර්. මෙහි නිෂ්පාදන කටයුතුවලට එල්ටන් ජෝන් ද දායක වී තිබෙනවා. මේ චිත්‍රපටයේ එල්ටන් ලෙස රඟප‍ෑමට ටෙරන් එජර්ටන්ව තෝරාගෙන තිබෙනවා. සංගීතමය චිත්‍රපටයක් ලෙස නිර්මාණය වන මෙය, ලබන වසරේ මැයි 17 දා සිට ලොව පුරා තිරගත වීමට නියමිත බවයි පැරමවුන්ට් සිනමා සමාගම පවසන්නේ.

මේ වස‍රේ අගෝස්තු මාසයේදී මෙහි රූගත කිරීම් ඇරැඹෙනවා. එල්ටන් ලෙස රඟන 28 වියැති ටෙරන් පවසන්නේ ‘රොකට්මෑන්’ චිත්‍රපටය මනමෝහනීය සංගීතමය සිනමා නිර්මාණයක් වනු ඇති බවයි. චිත්‍රපටයේ රඟපෑමේදී එල්ටන් ගැයූ ගීත ටෙරන් විසින්ම ගායනා කරනු ඇතැයි ද පැවසෙනවා.

‘රොකට් මෑන්’ යනුවෙන් එල්ටන් ජෝන් ගැයූ ගීතයක් ද මුල් වරට 1972 දී නිකුත් වුණා. 2016 දී මෙම ගීතය අන්තර්ජාලය ඔස්සේ 200,000 ක පිරිසක් බාගත කරගෙන තිබුණා.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »