Home / බොලිවුඩ් ගොසිප් / සොනාක්ෂිගේ තිතට වැඩ

සොනාක්ෂිගේ තිතට වැඩ

2018-05-31 10:36:00       367
feature-top
පසුගියදා සොනාක්ෂි සිංහ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර ‘හැපි බාග් ජායෙගි’ චිත්‍රපටයේ රූගත කිරීම් කරමින් සිටියා. දින කිහිපයක් එහි රඟපෑම්වලට එක්වී සිටි සොනාක්ෂි එක් දිනයකට පමණක් නිවාඩුවක් ලබාගත්තා. කවුරුත් ඇසුවේ එක දිනයකට නිවාඩු ගෙන, යන්නේ කොහේද කියලයි. ‘නවදිල්ලියට’. ඇය එලෙස පිළිතුරු දුන්නා. කවුරුත් තරමක පුදුමයට පත්වුණත් සැබැවින්ම ඇයට නවදිල්ලියේ පැවැත්වෙන වෙළෙඳ ආයතනයක ප්‍රචාරක කාර්යයකට සහභාගිවීමට සිදුවී තිබුණා. ඇගේ අවශ්‍යතාව වටහා ගත් චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ඇයට නවදිල්ලියට යන්නට ඉඩ දුන්නා. නමුත් ඔහු මෙන් ම චිත්‍රපට කණ්ඩායමේ කවුරුත් සිතුවේ සොනාක්ෂි දින දෙක තුනකට පසුව නැවත පැමිණේවිය කියලයි.

රාත්‍රියේ පිටත්වූ ඇය නවදිල්ලි ගුවන් තොටුපළට පා තැබුවේ හිමිදිරි උදෑසනයි.

වෙළෙඳ ආයතනය සංවිධානය කළ ප්‍රචාරක කාර්යයටත්, මාධ්‍ය හමුවටත් සැහැල්ලු සිතින් එක්වූ ඇය, එහි වැඩ කටයුතු නිමවීමෙන් පසුව කෙළින්ම පිටත්ව ගියේ ගුවන් තොටුපළටයි. එදින ක්වාලාලම්පූර් දක්වා පියාසර කරන අවසන් ගුවන් යානයට නැගුණු සොනාක්ෂි, මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවරට පා තැබුවේ මැදියම් රාත්‍රියේදීයි. පසුදා උදෑසනින්ම අවදි වූ ඇය, නැවතත් චිත්‍රපට රූගත කිරීම්වලට එකතු වුණේ, චිත්‍රපට කණ්ඩායම පුදුමයට පත් කරවමින්.

(under the courtesy of smartlady.lk web)

More News »