Home / බොලිවුඩ් ගොසිප් / ජැකලින් යළිත් අනතුරක

ජැකලින් යළිත් අනතුරක

2018-05-28 10:27:00       173
feature-top
‘රේස්’ චිත්‍රපට මාලාවේ තුන්වැන්න ලබන මස 8 දා සිට තිරගත කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. මෙය නම් කර ඇත්තේ ‘රේස් - 3’ යනුවෙන්. සල්මන් ඛාන් සහ ජැකලින් ෆර්නැන්ඩස් ඇතුළු ජනප්‍රිය නළු නිළි පිරිසක් රඟන මේ චිත්‍රපටය නිර්මාණයට දායක වූවන්ගේ සතුටු සාදයක් පසුගියදා පැවැත්වුණා.

සල්මන් ඛාන්ගේ ගැලක්සි නිවසෙහි පැවැත්වුණු මේ සාදය ඇරැඹුණේ රාත්‍රි 10.30 ට පමණ. එය අවසන් වෙද්දී අලුයම් කාලයත් එළඹී තිබුණා. මේ සාදයට එක් වී සිටි ජැකලින් ෆර්නැන්ඩස් එතැනින් නික්ම ගියේ අලුයම 2.30 ට පමණ‍. ඇය තම රථයට නැගුණේ නිදි බර ගතියකින්. නමුත් රිය පැදවූයේ ජැකලින් නොවෙයි. ඇගේ රියැදුරායි. මුම්බාහි නගරයේ කාටර් පාර දිගේ රථය තරමක වේගයෙන් පැදවුණේ රථවාහන අඩු නිසයි. නමුත් ජැකලින්ගේ රියැදුරා අන්ද මන්ද කරවමින් එම රථයෙහි ගැටුණේ ඔටෝ රික්ෂෝවක් හෙවත් ත්‍රිරෝද රියක්. ඒ වනවිට වේලාව අලුයම 2.45 යි. සිද්ධිය ව‍ූ හැටියේ ම එතැනට පැමිණි පොලිස් නිලධාරීන් සියල්ල පරීක්ෂා කර බැලුවා. ඔවුන්ගේ දැඩි අවධානය යොමුවුණේ ත්‍රීරෝද රථයේ රියැදුරා වෙතටයි. ඔහු බීමත්ව සිටි බව කාටත් වැටහුණා. අනතුරේ වරදකාරයා මේ ත්‍රිරෝද රියැදුරාම තමයි. ඒ නිසා ඔහුට විරුද්ධව නිත්‍යානුකූලව කටයුතු කරන්නට පොලීසිය පියවර ගත්තා.

මේ අනතුරෙන් ජැකලින්ටවත් ඇගේ රියැදු‍රාටවත් කිසිදු හානියක් සිදුවුණේ නැහැ. ඇගේ මෝටර් රථයට තරමක අලාභහානියක් සිදුවී තිබුණා. මීට කලින් මෑතකදීත් ‘රේස් - 3’ චිත්‍රපටය නිසා ජැකලින් තවත් අනතුරකට මුහුණ දුන්නා. ඒ, එම චිත්‍රපටයේ ස්කොෂ් ක්‍රීඩා කරන දර්ශනයක් නිරූපණය කරද්දීයි. ඒ මොහොතේ පන්දුව ඇගේ ඇසක වැදීමෙන් සුළු තුවාලයක් සිදුවුණා.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »