Home / බොලිවුඩ් ගොසිප් / හමුදා ‘නිල ඇඳුමකට’ ට්වින්කල් ට දොස්

හමුදා ‘නිල ඇඳුමකට’ ට්වින්කල් ට දොස්

2018-05-17 09:41:00       713
feature-top
මීට වසර 68 කට පෙර කාලය පසුබිම් කර ගත් කතාවක් රැගත් ටිනු සුරේෂ් දේශාධි අධ්‍යක්ෂණය කළ ‘රස්ටම්’ චිත්‍රපටය තිරගත වුණේ 2016 දී. එහි ප්‍රධාන චරිතයක් රඟපෑවේ ආක්ෂේ කුමාර්. පාර්සි - ඉන්දීය ජාතික නාවික හමුදා නිලධරයකු ලෙස රඟපෑ ආක්ෂේ දෙස කාගේත් අවධානය යොමුවුණා.

ඔහු මේ චිත්‍රපටයේ නාවික හමුදා නිලධරයා ලෙස රඟපාද්දී හැඳ සිටි නිල ඇඳුම, චිත්‍රපටය තිරගත වී වසර 2 කට පසුව වෙන්දේසියේ විකිණීමට සූදානම් කර තිබුණා. මේ කාර්යයට මුල්වූයේ ආක්ෂේගේ බිරිය, ට්වින්කල් ඛන්නායි. මේ පිළිබඳ දැන්වීමක් තම ට්විටර් පිටුවෙහි ඇතුළත් කළේ ආක්ෂේයි. එහි විශේෂයෙන් සටහන් කර තිබුණේ නාවික හමුදා ඇඳුම අලෙවියෙන් ලැබෙන මුදල අසරණ සතුන්ගේ සුබ සාධනය වෙනුවෙන් වැය කිරීමට බලාපොරොත්තු වන බවයි.

කෙසේ වෙතත්, මේ දැන්වීම දුටු ඇතැම් අය ආක්ෂේ - ට්වින්කල් යුවළට දැඩි ලෙස දෝෂාරෝපණ එල්ල කළා. ඔවුන් ප්‍රකාශ කළේ මෙම ක්‍රියාව හමුදා නිල ඇඳුමකට කළ අපහාසයක් සහ නිගරුවක් බවයි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි
Generic placeholder image

අද කාලගුණය

2019-11-14 09:18:00

More News »