Home / බොලිවුඩ් ගොසිප් / ඓයිශ්වර්යා අමනාපෙන්

ඓයිශ්වර්යා අමනාපෙන්

2018-05-10 10:56:00       403
feature-top
ඓශ්වර්යා රායි සහ භච්චන් පවුල අතර විරසකයක් ජනිත වී ඇති දැයි පසුගිය දිනවල බොලිවුඩ්පුර මාධ්‍ය සැක පහළ කළා‍. ඉන්දියාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ ඥාති දියණියකගේ විවාහ මංගල උත්සවයේදී මේ වෙනස හොඳින් ම දකින්න ලැබුණාය කියලයි බොහෝ දෙනා පවසන්නේ. අබුජානි නම්වූ මේ ව්‍යාපාරිකයාගේ ඥාති දියණියක වූ ‍සෞදාමිණි මතූර් තමයි විවාහ මංගල්‍යයේ මනාලිය වුණේ. ඉහළ පෙළේ හෝටලයක පැවැත්වුණු මේ මංගල උත්සවයට සාරා අලි ඛාන්, සෝනම් කපූර් සහ කරන් ජොහාර් වැනි දිදුලන සිනමා තරු ද ඇරයුම් ලබා සිටියා. ඒ සමඟම බොලිවුඩයේ සුපිරි තරු යුවළක් වන අමිතාබ් භච්චන් සහ ජයා භච්චන් මෙන් ම ඔවුන්ගේ දියණිය වන ශ්වේතා භච්චන්ද පැමිණ සිටියේ කාගේත් විශේෂ අවධානය දිනා ගනිමින්. ඒ විතරක් ද? රූ රැජින ඓශ්වර්යා රායි ද ඇරයුම් ලබා සිටියා. ඇගේ ආදරණීය සැමියා, අභිෂේක් භච්චන් පැමිණ සි‍ටියේ නැහැ.

අමිතාබ් - ජයා යුවළ ඔවුන්ගේ දියණිය, ශ්වේතා සමඟ පැමිණියේ එකටයි. (ශ්වේතාගේ සැමියා ද පැමිණ සිටියේ නැහැ) නමුත් ඓශ්වර්යා පැමිණියේ තනිවමයි. ඇය භච්චන් පවුල සමඟ අසුන් ගත්තේ නැහැ. ඔවුන් දෙස බැලුවේත් නැහැ. “මේ මංගල උත්සවයේදී විතරක් නෙමෙයි. මීට කලින් තිබුණු හුඟක් උත්සවවලට භච්චන් පවුලේ අය සහභාගි වුණෙත් වෙනමමයි. ඓශ්චර්යා ඒ අයත් එක්ක කතා බහ කළේ නැහැ. මේ උත්සවයේදී ඓශ්චර්යා කතා බහ කරමින් සිටියේ සොනාලි බෙන්ඩ්‍රේ සහ තවත් කීප දෙනෙක් එක්ක විතරයි” මේ තතු කීවේ භච්චන් පවුල හඳුනන අයෙක්.

මේ සමඟම තවත් මෙවැනිම දෙයක් මෑතකදී සිදුවී තිබෙනවා. ඒ පසුගිය 10 දාට යෙදී තිබුණු ජයා - භච්චන්ගේ උපන් දිනය දායි. එදිනට ජයා භච්චන් ගේ වයස අවුරුදු 70 ක් වුණා. ඒ නිමිත්තෙන් පැවැත්වුණු උපන් දින සාදයට පැමිණ සිටියේ ජයා භච්චන්ගේ සමීපතම මිතුරු මිතුරියන්. සෝනම් කපූර්, සාරා අලි ඛාන්, සුහානා ඛාන් සහ කරන් ජොහාර් වැනි කලාකරුවන් සහ කලාකාරියන් ද පැමිණ සිටියා. ඔවුන් සියලු දෙනාම ජයා භච්චන් සමඟ මෙන් ම අමිතාබ් සමඟ ද සුහද කතාබහක යෙදී සිටියා. අභිෂේක් සහ ශ්වේතා දරු දෙදෙනා ද තම මවට සුබ පතන්නට එක්වුණා. නමුත් ඓශ්චර්යා සහ දියණිය ආරධ්‍යා උපන් දින සාදයට පැමිණ සිටියේ නැහැ.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »