Home / බොලිවුඩ් ගොසිප් / ‘ඇන්ටිබයටික්’ සටන් උගුරේ අමාරු ඇතිවූ නිසා

‘ඇන්ටිබයටික්’ සටන් උගුරේ අමාරු ඇතිවූ නිසා

2018-05-05 09:40:00       537
feature-top
චිත්‍රපට රූගත කිරීම්වලින් වැළකී සිටින්න පසුගිය සතියේ අ‍ෙජ් දේව්ගන්ටත් රන්බීර් කපූර්ටත් සිදුවුණා. ඉන් පසුව තවත් යොවුන් නළුවෙකුටත් උගුරේ අමාරුවක් හැදිලා. ඒ, හාෂ්වර්ධන් කපූර්ටයි. ඔහු ප්‍රවීණ නළු අනිල් කපූර්ගේ පුත්‍රයායි. සෝනම් කපූර්ගේ සොහොයුරායි.

මේ ජනප්‍රිය යොවුන් නළුවා මෑතකදී චිත්‍රපට රූගත කිරීමකට එක්වී සිටියේ තදබල අසනීප ගතියකින්. ඔහුට උණ ‍රෝගයත් උගුරේ වේදනාවකුත් හටගෙන තිබුණා. වික්‍රමාදිත්‍ය මොට්වානි අධ්‍යක්ෂණය කරන ‘භාවේෂ් ජෝශි’ චිත්‍රපටයේ රූගත කිරීම්වලට තමයි, හාෂ්වර්ධන් එලෙස අපහසුවෙන් එක්වී සිටියේ ක්‍රියාදාම ජවනිකා රැගත් මේ චිත්‍රපටයේ එවැනි අවස්ථා නිරූපණය ලෙහෙසි නැහැ.

හාෂ්වර්ධන්ගෙ අසනීප තත්ත්වය සැලකිල්ලට ගත්ත අධ්‍යක්ෂ වික්‍රමාදිත්‍ය, චිත්‍රපට රූගත කිරීම් ටික දිනකට නතර කර දමන්න තීරණය කළා. නමුත්, හාෂ්වර්ධන් එයට කැමැති වුණේ නැහැ. අසනීප තත්ත්වය ගණනකට නොගත් ඔහු, චිත්‍රපටයේ රඟපෑම්වලට එක්වුණා. තමන් නිසා චිත්‍රපටයේ රූගත කිරීම් වෙනස් කළ යුතු නැතැයි ඔහු කියා සිටියා. ඒ වනවිට හාෂ්වර්ධන් තම අසනීපය වෙනුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගනිමින් සිටි බවයි චිත්‍රපට කණ්ඩායමේ ශිල්පියෙකු පැවසුවේ. රූගත කිරීම් අතරතුරදී ප්‍රතිජීවක පෙති රැසක්ම මේ යොවුන් නළුවා ගිල දැමුවා ය කියලයි ආරංචි‍.

ඒ අයුරින් ඖෂධ භාවිතා කරමින් ඔහු රඟපෑවේ ත්‍රාස ජනක දර්ශනලු.‍

හාෂ්වර්ධන් තම රංගන ජීවිතය ඇරැඹුවේ 2016 දී තිරගත වූ ‘මිර්ස්යා’ චිත්‍රපටයේ රඟපෑමෙන්. ඊට කලින්, 2015 දී ඔහු ‘බොම්බේ වෙල්වට්’ චිත්‍රපටයේ සහ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළා.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »