Home / බොලිවුඩ් ගොසිප් / අනුශ්කාගෙන් විරාට්ට නොනිමි හාදු

අනුශ්කාගෙන් විරාට්ට නොනිමි හාදු

2018-05-01 10:57:00       238
feature-top
විරාට් කෝලි සමඟ පෙමින් බැඳී සිටි යුගයේදී අනුශ්කා ශර්මා ක්‍රිකට් තරග නැරඹූ කෙළිලොල් විලාසය කාටත් මතක ඇති. ක්‍රිකට් පිටියේදී මේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාගේ පිති හරඹයෙන් උද්දාමයට පත්වූ ඔහුගේ පෙම්වතිය අනුශ්කා, ක්‍රීඩා මණ්ඩපයේ සිට ඔල්වරසන් දෙමින් ඔහුට ගුවන් හාදු දුන් අයුරු මුළු ලොවම දුටුවා. ඇතැම් අවස්ථාවලදී අනුශ්කාගේ මේ හැසිරීම්, ක්‍රීඩා තරග සංවිධායකයන්ගේ නොසතුටටත් හේතු වුණා.

කොහොම වෙතත්, විරාට් සමඟ විවාහ වීමෙන් පසුවත් අනුශ්කා ඔහු ක්‍රීඩා කරන ක්‍රිකට් තරග නැරඹීම අතපසු කරලා නැහැ. පසුගියදා ඇරැඹුණු ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කරන තම පෙම්බර සැමියා දිරිමත් කරන්නට අනුශ්කා බැංගලෝරයට ගියා. විරාට් ක්‍රී‍ඩා කරන්නේ බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල වෙනුවෙන්. එම කණ්ඩායම සහ කිංස් ලෙවන් පන්ජාබ් පිල අතර පැවැත්වුණු තරගය නරඹමින් සිටි අනුශ්කා, තම සැමියා ක්‍රීඩා කරද්දී ඔහු වෙනුවෙන් ජය ඝෝෂා නඟමින් ඔහුට ගුවන් හාදු දෙන අයුරු කාටත් දැකගත හැකි වුණා. මේ අවස්ථාව සමාජ ජාල වෙබ් අඩවිවල වේගයෙන් හුවමාරු වුණා.

අනුශ්කාට ඒ අයුරින් එක් ක්‍රිකට් තරගයක් නම් නරඹන්නට හැකිවුණේ නැහැ. ඒ, වැන්කඩේ ක්‍රීඩාංගණයේ පැවති තරගයයි. ඇයට මේ තරගය නරඹන්නට නොහැකි වුණේ එදිනම බන්ද්‍රා ප්‍රදේශයේ පිහිටි සුප්‍රකට මෙහ්බූබ් චිත්‍රාගාරයේ රූගත වූ ‘සීරෝ’ චිත්‍රපටයේ දර්ශන කිහිපයක රඟපෑමට යාමට සිදුවූ නිසයි. ඒ වුණත්, රූගත කිරීම් අතරතුරදී ලැබුණු විවේක අවස්ථාවලදී වේශ නිරූපණ කටයුතු සිදු කළ ස්ථානයට ගිය අනුශ්කා, පුංචි තිරයෙන් එම තරගය නැරඹුවා. තමන් එම තරගය නරඹන අයුරු දැක්වෙන ඡායාරූපයක් ඉන්ස්ටග්‍රෑම් පිටුවට එකතු කිරීමටත් ඇය උත්සුක වුණා.

අනුශ්කාගේ මේ උනන්දුව නිසා තමන් වෙත ජයග්‍රහණය ළඟා වූ බවයි, විරාට් ‍කෝලි පැවසුවේ

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »