Home / බොලිවුඩ් ගොසිප් / ෙඩ්ලර් මෙන්ඩි ට සිර දඬුවම්
ෙඩ්ලර් මෙන්ඩි ට සිර දඬුවම්
2018-04-05 10:08:00  ★ 112

බොලිවුඩයේ ජනප්රිය ගායකයකු වන ඩේලර් මෙන්ඩි ට ලබා ඇත්තේ අසුබ කල දසාවක්. ඔහුට දැන් සිර දඬුවම් නියම වෙලා. ඉන්දියාවේ අධිකරණය ඔහුට වසර 2 ක සිර දඬුවමක් නියම කරලා. ඒ, ඔහු මිනිස් ජාවාරමකට සම්බන්ධ යැයි ඔප්පු වී ඇති නිසයි. මෙන්ඩි ට මේ වෙනුවෙන් චෝදනා නැගී තිබුණේ 2003 දීයි. ඔහු සහ තවත් 6 දෙනකු එකතුවී පුද්ගලයන් කිහිප දෙනකුට බටහිර රටවල රැකියා ලබා දෙන බවට පොරොන්දුවී ඔවුන්ව එම රටවලට රැගෙන ගොස් තිබෙනවා. මෙම පුද්ගලයන්ව බටහිර රටවලට ගෙන ගියේ මෙන්ඩිගේ නර්තන කණ්ඩායමේ ශිල්පීන් හැටියටයි. මෙම කටයුත්තට ඔහුගේ සහෝදරයා වන ෂම්ෂර් ද සම්බන්ධව සිටියේ යැයි චෝදනා නැඟී තිබුණා. එම කාලයේදී පොලිස් අත්අඩංගුවට පත්වූ මෙන්ඩිව පසුව ඇප මත නිදහස් කෙරුණා. මේ ජනප්රිය ගායකායට එරෙහිව පොලීසියට පැමිණිලි කර තිබුණේ ඔහුගේ නර්තන කණ්ඩායමේ ශිල්පියකු ලෙස බටහිර රටකට පිටත්ව ගිය බක්ෂිෂ් සිං නමැත්තායි. ඔහු තම පැමිණිල්ලෙහි සටහන් කළේ තමන්ගෙන් ඉන්දීය රුපියල් කෝටියක මුදලක් මෙන්ඩි විසින් ලබාගත් බවයි. එලෙස මුදල් දී විදේශ වූවද අපේක්ෂිත අරමුණ ඉටුකර ගන්නට නොහැකි වූ බවත් ප්රකාශ කළ බක්ෂිෂ්, එහෙත් මෙන්ඩි විසින් ලබා ගත් මුදල ආපසු තමන්ට නොදුන් බවටත් චෝදනා කර තිබුණා.
මෙන්ඩි ගේ මිනිස් ජාවාරම් කටයුතු 1998 මඑ 1999 වසර වලදීත් සිදුවී ඇතැයි හෙළිවී තිබෙනවා. එම වසරවලදී මෙන්ඩි, ඔහුගේ සහෝදරයා සමඟ එක්වී ඇමරිකා එක්සත් ජනපදයට තරුණ තරුණියන් 13 දෙනකු රැගෙන ගොස් ඔවුන්ගෙන් මුදල් ලබාගෙන ඔවුන්ව අතරමං කර ඇතැයි හෙළිවී තිබෙනවා. උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි
මෙන්ඩි ගේ මිනිස් ජාවාරම් කටයුතු 1998 මඑ 1999 වසර වලදීත් සිදුවී ඇතැයි හෙළිවී තිබෙනවා. එම වසරවලදී මෙන්ඩි, ඔහුගේ සහෝදරයා සමඟ එක්වී ඇමරිකා එක්සත් ජනපදයට තරුණ තරුණියන් 13 දෙනකු රැගෙන ගොස් ඔවුන්ගෙන් මුදල් ලබාගෙන ඔවුන්ව අතරමං කර ඇතැයි හෙළිවී තිබෙනවා. උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි
බොලිවුඩ් ගොසිප්
තහනම් කළ අමුතු චිත්රපටය සිනමාව උඩුයටිකුරු කරමින් ප්රදර්ශනය අරඹයි
2018-04-24 10:41:00ජනපති මෛත්රී සහ හිටපු ජනපති මහින්ද එක්වෙයි?
2018-04-25 05:30:00බොරතෙල් බැරල් මිලියන 7 ක කොන්ත්රාත්තුවක් හිමි වුණ සමාගම මෙන්න
2018-04-25 05:23:00දහසය දෙනාගේ ඉවත් වීමෙන් පසු පැවැති පළමු කැබිනට් රැස්වීමේදී එළඹුණු තීරණ මෙන්න
2018-04-25 05:08:00මවට පියාට කලගුණ සලකණ බෝසත් හාමුදුරුවෝ.
2018-04-25 04:21:00ඉතිහාසයේ ඩොලරයක් සඳහා නියම වු වැඩිම විකුණුම් මිල අද (UPDATE)
2018-04-25 04:06:00මිරිස්සේ සිද්ධියට ඇමති බලපෑම් කළාද?
2018-04-25 03:56:00මැයි දිනයේ ශ්රීලනිප මඩකළපුවට
2018-04-25 03:18:00පෝට් සිටියට වැලි පොම්ප කිරීමෙන් මීගමුවේ මුහුදු ඛාදනයක්
2018-04-25 02:45:00ශ්රීලනිපයේ සියලු තනතුරු ඇතුළු පූර්ණ ප්රතිසංවිධානයක්
2018-04-25 02:07:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com