Home / බොලිවුඩ් ගොසිප් / බොලිවුඩයේ අලුත් ම කෝටිපතිනියෝ

බොලිවුඩයේ අලුත් ම කෝටිපතිනියෝ

2018-03-29 10:25:00       118
feature-top
රංගනය වෙනුවෙන් කෝටි ගණනක් සටහන් වන චෙක්පත්වලට හිමිකම් කියන සුපිරි නිළියන් කිහිප දෙනකු ම බොලිවුඩ් පුරයේ සිටිනවා. දීපිකා පදුකෝන්, ප්‍රියංකා චොප්රා, කන්ගනා රනාවුත්, කරීනා කපූර්, අනුශ්කා ශර්මා සහ ආලියා භාට් තමයි මේ අයුරින් වැඩිම රංගන ගාස්තු ලබන්නේ. මේ අය අතරින් වැඩිම ගාස්තුවක් අය කරන්නේ දීපිකා පදුකෝන් සහ කන්නගා රනාවුත්. ඔවුන් දෙදෙනා ම චිත්‍රපටයක රඟපෑම වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 12 ත් 14 ත් අතර මුදලක් අය කරනවා. ‘පිකු’, ‘බජිරාඕ මස්තානි’ සහ දැන් තිරගත වන ‘පද්මාවත්’ වැනි චිත්‍රපටවල සාර්ථකත්වයත් සමඟ දීපිකා ගේ රංගන ගාස්තුව මෙලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඇය සමඟ කරට කර තරගයක යෙදී සිටින කන්ගනා රනාවුත් අය කරන්නේ ද එවැනි ම මුදලක්. ඇයට දීපිකා සමඟ එවැනි තරගයක් දීමට හැකිවී ඇත්තේ ඇය රඟපෑ ‘ක්වීන්’, ‘තනු වෙඩ්ස් මනු’, වැනි චිත්‍රපටවල සාර්ථකත්වය නිසයි. බොලිවුඩ් සහ හොලිවුඩ් සිනමා ලෝක දෙකෙහි ම සුපිරි තරුවක් බවට පත්ව සිටින ප්‍රියංකා චොප්රා සිටින්නේ දීපිකා සහ කන්ගනාට පසුපසින්. ‘ක්‍රිෂ් - 3’, ‘ගුන්ඩේ’, ‘මේරි කොම්’, ‘බජිරාඕ මස්තානි’ වැනි චිත්‍රපට ඇගේ රංගනයෙන් ඔපවත් වුණා. එම චිත්‍රපට ප්‍රේක්ෂක ප්‍රසාදයට ලක්වුණා. නමුත් ඇය මෑතක සිට කාලය කැපකරමින් සිටින්නේ හොලිවුඩ් ටෙලි නාට්‍ය වෙනුවෙන්. බොලිවුඩ් චිත්‍රපට ඇගෙන් මගහැරී ගිය බවක් දකින්න ලැබෙනවා. ඒ නිසාදෝ ඇගේ රංගන ගාස්තුව පවතින්නේ රු. කෝටි 10 - 12 අතර මට්ටමකයි. කරීනා කපූර් අය කරන්නේ මීට වඩා අඩු රංගන ගාස්තුවක්. ඇය, චිත්‍රපටයක රඟපෑම වෙනුවෙන් දැන් අය කරන්නේ රු. කෝටි 9 - 10 ත් අතර මුදලක්. පසුගිය වසර කිහිපය තුළ ඇය රඟපෑවේ චිත්‍රපට කිහිපයක පමණයි.

දක්ෂ නිළියක හැටියට නමක් දිනා සිටියත් අනුෂ්කා ශර්මා ගේ ගාස්තුව රු. කෝටි 8 කට ආසන්න මුදලක් බවයි වාර්තා වෙන්නේ. මෙවැනි මුදලක් ඇයට ලබාගත හැකිවී ඇත්තේ මෑතකදී තිරගතවූ ‘සුල්තාන්’, ‘ඒ දිල් හේ මුෂ්කිල්’, ‘පාරි’ වැනි චිත්‍රපට වලදී ඇය රඟපෑ චරිත නිසයි. එම චිත්‍රපට සාර්ථක වීමට ඇගේ රඟපෑම් ඉවහල් වූ බවයි පැවසෙන්නේ. තවමත් 25 වැනි වියෙහි පසුවන ආලියා හාට් තමන්ට ලැබෙන ඕනෑම චරිතයක් රඟපෑමේ දක්ෂතාවන්ගෙන් අනූනවූ නිළියක්. මේ වන විට ඇය චිත්‍රපටයක රඟපෑම වෙනුවෙන් රු. කෝටි 7 ක මුදලක් අය කරනවා.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »