Home / බොලිවුඩ් ගොසිප් / ශ්‍රී දේවි හිතෙන් දුක් වින්දා ද?
ශ්‍රී දේවි හිතෙන් දුක් වින්දා ද?
2018-03-27 10:41:00  ★ 691

සහෘද හදවත් හඬවාලමින් ශ්‍රී දේවි මෙලොවින් සමුගත්තේ මීට මාසයකට කලින්. ඇගේ හදිසි වියෝව තවමත් මුළු ලොව ම කම්පනයට පත් කරවන සිදුවීමක් බව යළි සිහිපත් කළ යුතු නැහැ.
දශක ගණනක් යනතුරු ජනප්‍රියත්වයට පත්ව සිටි ඇය භෞතික සැප සම්පත් නොඅඩුව අත්වින්දත් ජීවිතයේ අවසන් කාලයේ ඇය ගත කළේ පීඩාකාරී මනසකින් බවයි දැන් පැවසෙන්නේ. මේ බව පසුගියදා හෙළි කළේ ශ්‍රී දේවිගේ මාමා කෙනකු වන වෙනුගෝපාල් රෙඩ්ඩි යි.
“ඇත්තෙන් ම, ශ්‍රී දේවි ගේ අම්මා කැමති වුණේ නැහැ ශ්‍රී දේවි, බොනී කපුර් එක්ක විවාහ වෙනවට. ඒ අකමැත්ත එයා අපි එක්කත් කිව්වා. නමුත් දෙන්නා විවාහ වුණා.” රෙඩ්ඩි මෙතෙක් සැඟවී තිබුණු කරුණක් හෙළි කළා. ඔහු ඊළඟට ප්‍රකාශ කළේ ආන්දෝලනයට තුඩුදිය හැකි කරුණක්... ‘බොනී නිෂ්පාදනය කළ චිත්‍රපට කීපයක් ම අසාර්ථක වුණා. ඒ නිසා එයාට විශාල මූල්‍යමය පාඩුවක් දරන්න වුණා. මේ පාඩුව මග හරවා ගන්න බොනීට සිද්ධ වුණා ශ්‍රී දේවිගේ දේපළ විකුණන්න.
මේ නිසා ශ්‍රී දේවි ගත කළේ ලොකු හිත් වේදනාවකින්. ශ්‍රී දේවි ලෝකයට පෙනෙන්න හිනාවෙලා හිටියත් එයාගෙ හිත ඇතුළෙ කිසිම සතුටක් තිබුණෙ නැහැ. කොහොම වෙතත්, නැතිවුණු වත්කම් උපයාගන්න තමයි, ශ්‍රී දේවි ආයෙත් සිනමා ලෝකයට පිවිසුණේ.
” මේ අතර, රෙඩ්ඩි ගේ මේ කතාවල කිසිදු ඇත්තක් නැතැයි ශ්‍රී දේවිගේ සොයුරියගේ (ශ්‍රීලතා) සැමියා, සන්ජේ රාමස්වාමි පවසනවා. “මම ශ්රීලතාව විවාහ කරගෙන අවුරුදු 28 ක් වෙනවා. අපි කවදාවත් වෙනුගෝපාල් රෙඩ්ඩි කියල කෙනෙක්ව දැනගෙන හිටියෙ නැහැ. එයා කියන්නෙ අමූලික බොරු” රාමස්වාමි, එලෙස පැවසුවේ ඉන්දීය මාධ්යයකටයි. උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

හතරවැනි තට්ටුවේ සුදු වෑන් රියදුරන් වමාරයි..
2019-12-14 02:29:00කේරළ ගංජා සමග ගොත අසංකගේ ගෝලයෙකු එස් ටී එෆ් අත්අඩංගුවට
2019-12-14 02:27:00හිටපු ජනපති මෛත්‍රී පොළොන්නරුවේ ශ්‍රීලනිප පාක්ෂික හමුවකට එක්වෙයි
2019-12-14 02:23:00ගූගල් සෙවීම් වැඩිම වචනය ‘ශ්‍රී ලංකාව‘
2019-12-14 01:23:00සීල් මත්ස්‍යයාට බාධා එපා
2019-12-14 01:21:00හාල් 100 පනී.. රතුළුණු 500 පනී.. එලවලු මිල අහසේ.. පොල් මිලත් ඉහලට..
2019-12-14 01:06:00බලධාරීන් නොසලකා හැරි සේනා මඩින දේශීය ක්‍රමයක් ගැන පරිසරවේදියෙකුගෙන් අනාවරණයක්
2019-12-14 01:04:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com