Home / බොලිවුඩ් ගොසිප් / සනි ලියොන්ට යළි මවු පදවිය

සනි ලියොන්ට යළි මවු පදවිය

2018-03-17 11:05:00       119
feature-top
විවිධාකාර දෝෂා‍රෝපණයන්ට මුහුණ දෙමින් බොලිවුඩයේ සෑහෙන දුරක් ගමන් කළ ජනප්‍රිය නිළි සනි ලියොන් දැන් තිදරු මවක් බවට පත්වෙලා.

පසුගිය සතියේ, ඇය සහ ඇගේ සැමියා වන ඩැනියල් වෙබර් නිවුන් පුතුන් දෙදෙනකුගේ මවුපියන් ලෙස කිරුළු පැළඳුවා. ඊට කලින් පසුගිය වසරේ ජූලි මාසයේදී ඔවුන් දෙදෙනා බිලිඳු දැරියක හදා වඩා ගන්නට භාර ගත්තා. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ලටූර් ප්‍රදේශයේ මවකගේ කුසෙන් උපන් ඒ දැරියගේ නම නිෂා. මෙවර ඩැනියල් - සනි යුවළ මවුපිය වරම් ලැබුවේ නම හෙළි නොකළ මවකගේ කුස තුළ ඔවුන් දෙදෙනාගේ ම ලෙයින් මසින් සුසැදුණු පුතුන් දෙදෙනකු මෙලොව එළිය දුටු නිසයි.

පුතුන් දෙදෙනා ලැබීම නිසා බෙහෙවින් ම සතුටට පත්වූ සනි ලියොන් ට්විටර් පිටුවෙහි සටහනක් තබමින් ප්‍රකාශ කළේ මෙය දෙවියන්ගේ තීන්දුවක් බවයි. “අපි, අපේම පවුලක් විදිහට සම්පූර්ණ විය යුතුය කියන අදහස අවුරුදු කිහිපයක් තිස්සේ කල්පනා කළා. දැන් අපි අශර් සිං වෙබර් සහ නොආ සිං වෙබර් කියන මේ පුංචි පුතාලා දෙන්නාත් නිසා අපේ පවුල අංගසම්පූර්ණ එකක් බවට පත් වුණා.”

“පුතාලා ඉපදුණේ මීට සති කිහිපයකට කලින්. දෙවියන් හොඳින් සැලසුම් කරලා අපේ පවුල පරිපූර්ණත්වයට පත් කළා. අපි දැන් දුවකුගේ සහ පුතුන් දෙදෙනකුගේ ගෞරවනීය දෙමවුපියන් බවට පත්වෙලා. අපිට දැනෙන සතුට මෙතෙකැයි කියන්න බැහැ.” සනි ලියොන් එලෙස සටහන් කර තිබුණා

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »