Home / බොලිවුඩ් ගොසිප් / ශ්‍රද්ධා සයිකල් සවාරියක

ශ්‍රද්ධා සයිකල් සවාරියක

2018-03-15 11:59:00       252
feature-top
ශ්‍රද්ධා කපූර්ට පසුගිය සතියේ නිමක් නැති වැඩ ගොඩකට යටවී ඉන්න සිදුවුණා. චිත්‍රපට රූගත කිරීම්වලට තමයි ඇය කොටුවී සිටියේ. විශේෂයෙන් ම නිවසින් බොහෝ දුර බැහැර ප්‍රදේශවල තිබුණු රූගත කිරීම්වලට ඇය එක්වී සිටියා.

එවැනි එක් රූගත කිරීමක් යෙදී තිබුණේ මුම්බායි නුවර සිට කිලෝමීටර් 1751 ක පමණ දුරින් පිහිටි උට්ටරඛාන්ඩ් නම්වූ ප්‍රදේශයේයි. ශ්‍රී නාරායන්ගේ ‘බාට්ටිගුල් මෙටර් චාලු’ නම් ව‍ූ චිත්‍රපටයේ දර්ශන කිහිපයක් එහිදී රූගත වුණා. (මේ චිත්‍රපටයේ ශ්‍රද්ධා රඟන්නේ ශාහිඩ් කපූර් එක්කයි) රූගත කිරීම් සාර්ථකව නිමාවට පත්වීමේ ප්‍රීතියෙන් පිනා ගිය ශාහිඩ්, ශ්‍රද්ධාව යතුරු පැදියක නංවාගෙන උට්ටරඛාන්ඩ් ප්‍රදේශයේ සුන්දර පරිසරය නරඹමින් සවාරියක් ගියා. “ශාහිඩ්, ශ්‍රද්ධාත් එක්ක ගොඩක් හිතවත් වුණේ ‘හෙයිඩර්’ චිත්‍රපටයේ රඟපාන දවස්වලයි‍. ‘බාට්ටි ගුල් මෙටර් චාලු’ චිත්‍රපටය රූගත කරන දවස්වලත් දෙන්නා හරිම විනෝදෙන් හිටියා. ඉතින්, ශාහිඩ් මෝටර් සයිකල්වල ගමන් යන්න කැමැති නිසා එයා ශ්‍රද්ධාවත් තියාගෙන හැම තැනම සවාරි ගැහුවා.” එලෙස කීවේ චිත්‍රපට රූගත කිරීම්වලට එක්වූ ශිල්පියෙක්.

ශ්‍රද්ධා ඒ අයුරින් සතුටින් චිත්‍රපට රූගත කිරීම්වලට එක්වී සිටියත් තමන්ගේ ආදරණීය මවගෙන් ඈත්ව සිටීම ගැන ඇය තුළ තිබුණේ දුකක්. ඒ නිසා චිත්‍රපට රූගත කිරීම් නිමවී යළි නිවසට පැමිණි ශ්‍රද්ධා සති කිහිපයක්ම නිවාඩු ගන්නට තීරණය කළා. ශ්‍රද්ධාගේ මවත් බොලිවුඩ් නිළියක ලෙස චිත්‍රපට කිහිපයක රඟපා තිබෙනවා. ඇය තමයි, ශිවන්ගි කෝලාපූර්. ඇය, පද්මිණී ‍කෝලාපූර් නම් වූ ජනප්‍රිය නිළියගේ සොයුරියක්. ශ්‍රද්ධා පවසන්නේ තවත් සති දෙක තුනක් ගතවන තුරු රූගත කිරීම්වලට නොයා මවගේ සෙනෙහසට තුරුළු වී සිටින බවයි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »