Home / බොලිවුඩ් ගොසිප් / කරන්ට හෝලි උත්සව එපාලු

කරන්ට හෝලි උත්සව එපාලු

2018-03-13 12:49:00       209
feature-top
හින්දු ජාතිකයන්ගේ විචිත්‍රවත් වසන්ත සැණකෙළිය වන හෝලි උත්සවය විවිධ වර්ණයන්ට මුල් තැන දී පැවැත්වෙනවා. වසරක් පාසා පැවැත්වෙන මේ හෝලි උත්සවය මෙවර පැවැත්වුණේ මාර්තු 2 දායි.

පැරැණි අමනාපයන්ට තිත තබන කැඩුණු බිදුණු සබඳකම් යළි එක්කරන මේ ‍විනෝදකාමී උත්සවය ප්‍රතික්ෂේප කරන අයකු තමයි, ප්‍රවීණ සිනමාකරු කරන් ජොහාර්. මෙවර හෝලි උත්සවය පැවැත්වීමට කලින් ඒ ගැන තමන්ගේ මතය ගෙන හැර පෑ කරන් ජොහාර් පැවසුවේ ළමා අවධියේදී තමන් ලද අමිහිරි අත්දැකීම් දෙකක් නිසා හෝලි උත්සවය ජීවිතයටම එපා වූ බවයි. ඒ ගැන කතා කළ කරන් ජොහාර්....

“එතකොට මගේ වයස අවුරුදු 10 ක් විතර ඇති. හෝලි උත්සවයක් දා මට අවස්ථාවක් ලැබුණා. අමිතාබ් භච්චන් මහත්මයගෙ ගෙදරට යන්න. ඒ වෙලාවෙ කාමරයක ඉඳල එළියට ආපු අමිතාබ්ගෙ පුතා (අභිෂේක්) එක පාරටම මාව උස්සගෙන ගිහින් ගේ ඉස්සරහ තිබුණු වතුර පාට කරපු පූල් එකට ගිහින් දැම්මා. තවත් මේ වගේ ම සිද්ධියක් මට වයස අවුරුදු 7 දී විතර සිදුවුණා. එදා අපේ ගෙවල් පැත්තෙ ළමයි වගයක් මා පස්සෙන් දුවගෙන ඇවිත් මාව අල්ලගෙන රිදී පාට තීන්තවලින් මාව නාවන්න හැදුවා. මම ඒ කරදරෙන් බේරෙන්න උත්සාහ කළත් ඒක බැරි වුණා. මාව බිම ඇදගෙන වැටුණා. මට තුවාලත් වුණා. සිද්ධිය කෙළවර වුණේ ගුටි බැට හුවමාරුවකින්. මෙන්න මේ සිද්ධිවලින් පස්සෙ ජීවිතේටම මට හෝලි උත්සව එපා වුණා.”

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »