Home / බොලිවුඩ් ගොසිප් / යළි බැබ­ළෙන්නේ නැති හොලි­වු­ඩයේ චාන්දනිය ශ්‍රී දේවි

යළි බැබ­ළෙන්නේ නැති හොලි­වු­ඩයේ චාන්දනිය ශ්‍රී දේවි

2018-03-08 11:20:00       553
feature-top
අවශ්‍ය කැමරාව ක්‍රියාත්මක කිරීම පමණි. බොලිවුඩයේ චන්ද්‍රාලෝකය හෙවත් ‘චාන්ද්නි’ ය අසම සම සොඳුරු දෑසින් සඳ කිරණ විහිදවීමට ගනී. එය විටෙක පුර සඳක් හා සමානය. දර්ශනයෙන් දර්ශනයට දෑස හා දෙතොල් යන්ත්‍රානුසාරයෙන් ක්‍රියාත්මක වීමට ගනී. ප්‍රේක්ෂකයන්ට ඇසිපිය හෙළීමට පවා අමතකය. නව නළු රසය ම, අද්වතීය නර්තන, රංගන කුසලතාවෙන් රන් රස සේ පෑහෙයි. ශ්‍රී දේවි, පළමු සුපිරි තාරකාව, ‘චාන්ද්නි’ ය පුරා පනස් වසරක් ම බොලිවුඩයට ‘චාන්ද්නි’ වූවාය. ශ්‍රී දේවියගේ තුන්සිය වැනි සිනමා පටය තිරගත වූයේ 2017 ජූලි 7 වැනි දිනය. ඒ ඇයගේ පනස් හතර වැනි උපන් දිනයට අධ්‍යක්ෂ සැමියා බොනි කපූර් විසින් ලබා දුන් තිළිණයයි.

ශ්‍රී දේවියගේ සෑම සිනමා පටයක් ම රංගන ප්‍රතිභාවේ කූට ප්‍රාප්තීන්ය. එහෙත් සිනමාවේ දෙවැනි ගමනින් පසු (විවාහ වී දරුවන් ලැබීමෙන් පසු) ඇයගේ ප්‍රතිභා ප්‍රභාව වඩාත් හොඳින් විදහා දැක්වෙන භූමිකා තෝරා ගැනීම නිසා බොලිවුඩයේ පමණක් නොව අන්තර්ජාතිකව ද රසික සමූහයා බලා සිටියේ නොඉවසිල්ලෙනි. එහෙත් සඳ කිරණ නිවී ගියේය. තිරය වැසිණි. යළි ඒ සඳකිරණ ප්‍රේක්ෂකාගාරයේ බැබළෙන්නේ නැත.

2018 පෙබරවාරියේදී ශ්‍රී දේවි, බොනි කපූර් හා බාල දියණිය කුසී සමඟ ඩුබායි ගියේ බෑනා කෙනකු වූ මෝහිත් මර්වාගේ මංගල්‍යයට සහභාගී වීමටයි. මංගල්‍යයෙන් පසුව ද ශ්‍රී දේවිය දින කිහිපයක් ජුමෙයිරා එමිරේට් ටවර්ස් හෝටලයේ රැඳී සිටි අතර බොනී හදිසි කටයුත්තකට මූම්බායි පැමිණියේය. ඔහු පෙබරවාරි 24 වැනිදා පස්වරු 5.30 ට පමණ ඩුබායිහි හෝටලයට පැමිණියේ බිරිය රාත්‍රී කෑමකින් පුදුමයට පත් කිරීමටය. රාත්‍රී කෑමකට යාමට කතා කරන විට ශ්‍රී දේවිය සිටියේ මධුවිත සප්පායම් වී සැප නින්දකය. සැමියා ගේ ඇමතුමින් අවදිවුණු ඇය නාන කාමරයට ගියේ ලහි ලහියේ නා පිරිසුදු වී සැමියා සමඟ යාමට සූදානම් වීමටය. ඇය නාන කාමරයට ගොස් මිනිත්තු 15 ගත වුවද කිසිදු හැලහොල්මනක් නැති නිසා බොනි ඇයගේ ජංගම දුරකථනයට ඇමතුම් පිට ඇමතුම් දුන්නේය. ප්‍රතිචාරයක් නැති තැන ඔහු කළේ නාන කාමරයේ දොර විවර කරගෙන ඇතුළු වීමය. සිහිසුන් ශ්‍රී දේවිය නාන බේසමේ නිසොල්ම‍න්ව සිටියාය. රෑ කෑමට සැමියා සමඟ යනු වෙනුවට ඇය ඔහුටත් හොරා මාරයා සමඟ ගොස් සිටියාය. පුවත සැලවූ සැණින් සිනමාවට හද බැඳි රසික ප්‍රජාව ම සිතුවේ මෙය තවත් එක් අන්තර්ජාල ප්‍රෝඩාවක් බවය. අවාසනාවට එය සත්‍යයක් ම විය.

1963 අගෝස්තු 13 වැනිදා උපන් ශ්‍රී දේවියට නිළිකමින් තොර ජීවිතයක් තිබුණේ සිව් වසරකි. දමිළ, තෙළිඟු, හින්දි, මලයාලම් හා කන්නඩ යන සකල ඉන්දීය සිනමාවේ ම අධිරාජිනිය වීමට ශ්‍රීට හැකිවිය. භාරතයේ එවැනි හැකියාවක් ලද එක ම පුද්ගලයා ඇයය. එහෙත් ඒ අධිරාජ්‍යයන් ගොඩ නැඟුණේ වයස අවුරුදු හතරේ සිට කැමරාව ඉදිරියේ හෙළූ දහදිය කඳුළුවල ප්‍රතිඵලය. යාන්තම් පියවර එසවීමට පටන් ගත්දා සිට ශ්‍රී පාද තාලයට තබන්නට ගත්තාය. පියා තමිල් නාඩුවේ සිවකාසිවල නිසාත් මව අන්ද්‍රා පෙදෙසේ ත්‍රිපතිවල නිසාත් පුංචි ශ්‍රීට දමිළ හා තෙළිඟු යන භාෂා දෙකම චතුර ලෙස කතා කළ හැකි විය. ශ්‍රී අම්මා යන්ගේර් අයිප්පන් සිව් හැවිරිදි වියේදීම රංගනයට එක්වූයේ දෛවෝපගතවය. ගේය පද රචකයකු වූ කන්නදාසන්, වෘත්තියෙන් නීතිඥයකු වූ ශ්‍රීගේ පියාගේ හොඳම යහළුවකු විය. මේ අඹ යාළුවා දිනක් ‘කන්ධන් කරුණෙයි’ නම් සිනමා පටයට කඩා දරුවකු අවශ්‍ය බව පැවසුවේය. ශ්‍රී 1967 වසරේ ‘කන්ධන් කරුණෙයි’ සිනමා පටයට හා හා පුරා කියා එක්වූයේ එලෙසිනි. තිරයේදි ඇයගේ උප්පැන්න සහතිකයේ නම ශ්‍රී දේවි ලෙසින් වෙනස් විය. 1969 දී ඇය රැඟූ ‘තූනෙයිවන්’ සිනමාපටය ළමා නිළියක ලෙස ඇයගේ නම දකුණු ඉන්දීය සිනමාවේ ස්ථාපිත කිරීමට හේතුවිය. මුරුගන් දෙවියන්ගේ බාල අවදිය ශ්‍රී නිරූපණය කළාය. සිනමා පටය කළු සුදු හා ඊස්ට්මන් වර්ණයෙන් නිර්මානය වූ අතර දින සියය ඉක්මවා ප්‍රදර්ශනය කෙරිණි. ශ්‍රී කොලිවුඩයට එසේ පා තැබූ අතර ටොලිවුඩය හෙවත් තෙළිඟු සිනමාවට ඇය අවතීර්ණ වූයේ ‘මා නාන්නා නිර්දෝෂි’ සිනමා පටයෙනි. ඇය රැඟූ ප්‍රථම කන්නඩ සිනමා පටය ‘භක්ත කුම්බරා’ (1974) ය. එය ළමා නිළියක සේ රැඟූ පස්වැනි සිනමා පටයය. ඇය රැඟුවේ මුක්තා බායි චරිතයයි. මොලිවුඩයට හෙවත් මලයාලම් සිනමා ලොවට ඇය පිවිසියේ ‘කුමාර සම්භවම්’ (1969) සිනමා පටයෙනි. එහි සුබ්‍රමනියම් ලෙස ඇය රැඟූ අතර බොලිවුඩයට රාණි මෙරා නම් (1972) සිනමා පටයෙන් ප්‍රවිෂ්ඨ විය. ළමා නිළියගේ සිනමා ගමන 2018 වසරේ පෙබරවාරි 24 දක්වා ම අවසන් නොවිණි. ඇය අවසන් වරට කැමරාවට පෙනී සිටියේ ශාරුක්ඛාන්, කත්‍රිනා කායිෆ් රඟන දෙසැම්බර් මාසයේ තිරගත වීමට නියමිත ‘සීරෝ’ සිනමා පටයේ කෙටි දසනකටය. එහි ඇය ශාරුක්, ආලියා බාත් හා කරිෂ්මා කපූර් සමඟ සාදයක සතුටින් සිටින ජවනිකාවක් නිරූපණය කෙ‍ෙර්.

 

ශ්‍රී දේවි දමිළ සිනමාවට හැත්තෑ එකක ද, මලයාලම් සිනමාපට විසිතුනක ද, කන්නඩ සිනමාපට හයක ද, තෙළිඟු සිනමාපට අසූ එකකද, හින්දි සිනමාපට හැත්තෑ එකකද (සීරෝ නොමැතිව) රඟපා තිබේ.
 සින­මා­පට තුන්සි­ය­ය­කට
 රංගන දාය­ක­ත්වය දෙයි  

ශ්‍රී ‍දේවියගේ ප්‍රබල සිනමා රංගන අතරින් මම් (2017), ඉංග්ලිෂ් විංග්ලිෂ් (2012), ලාඩ්ලා (1994), ලම්හේ (1991), ක්ෂණා ක්ෂණම් (1991 / තෙළිඟු), චාන්ද්නී (1989), චාල්බාස් (1989), මිස්ටර් ඉන්ඩියා (1987), සද්මා (1983), මීන්ඩුම් කෝකිලා (1981 / දමිළ) යන සිනමාපට ප්‍රමුඛස්ථානයක් ගනී. ඇය හොඳම නිළිය ලෙස ‍ෆිල්ම් ෆෙයාර් සම්මාන දාහතරකට නිර්දේශ වූ අතර පස්වරක් ජයග්‍රහණය කළාය. 1992 ලම්හේ, 1990 චාල්බාස්, 1991 ක්ෂණා ක්ෂණම් (තෙළිඟු), 1982 මීන්ඩුම් කෝකිලා (දමිළ) සිනමා රංගනයන්ට ඇය සම්මානයෙන් අබෙිසෙස් ලැබූ නිර්මාණයි.

ඊට අහකරය 16 වයති නයිල් (1977), නාගීනා (1986) මිස්ටර් ඉන්ඩියා (1987) රංගනයන්ට ෆිල්ම් ෆෙයාර් විශේෂ සම්මාන හිමිවිය. ඇය 2013 දී ඉන්දීය පුරවැසියකු ලබන ඉහළ ම සිව්වැනි සම්මානය වන පද්ම ශ්‍රී සම්මානයෙන් ද පිදුම් ලැබුවාය.

තමිල්නාඩුවේ ජාතික සම්මානයෙන් 1981 දී ශ්‍රී හොඳ ම නිළිය ලෙස සම්මානයට ලක්වූයේ ‘මූන්ඩ්‍රම් පිරායි’ හි රංගනයටය. 2013 දී ඉන්දී්‍ය සිනමාවට සියක් වසරක් සපිරුණු අතර ජාතික මනාපයෙන් විශිෂ්ට ම ඉන්දීය රංගවේදිනිය ලෙසින් තේරුණේ ශ්‍රී දේවිය. 2012 වසරේ වයස හතළිස් අටක්ව තිබියදීත් ශ්‍රී දේවි එම වසරේ පැවැත්වූ ජනතා ඡන්දයෙන් සියයට හැත්තෑ හතරකට වඩා ඡන්ද ලබා බොලිවුඩයේ වඩාත් බලසම්පන්න කාන්තාව වූවාය.

ශ්‍රී දේවියගේ මව රාජේශ්වරී සිනමා පටවල නර්තනයේ යෙදුණු බව කියැවේ. මේ ජාන උරුමය ශ්‍රීට හොඳින්ම තිළිණ විය. ශ්‍රී දේවිය බොලිවුඩයෛ් සුපිරි නර්තන තාරකාවක වූයේ සරෝජ් ඛාන් නම් රංගන ගුරුවරියකගේ මඟ පෙන්වීම නිසාය. ශ්‍රී ගේ නාගීනා නයි නැටුම, මිස්ටර් ඉන්ඩියා හි චාලි චැප්ලින් නර්තනය, කතේ නහී කතේ නර්තනය ( මෙය බොලිවුඩයේ සරාගීම ගීතමය නර්තනය ලෙස සලකයි), ‘හවා හවායි‘ නර්තනය සමඟ එහි පිටුපස සිටින සරෝජ් ද අමතක කළ නොහැකිය. ශ්‍රී ට දියණියක ලෙස සලකන ඇය තවමත් ශ්‍රී දේවිය මිය නොගිය බව සිතන්නට උත්සාහ ගන්නීය. ශ්‍රී ගේ සිනමාපට 22 කම ගුරුවරිය වු ඇය පවසන්නේ දකුණු ඉන්දීය සිනමාවෙන් පැමිණි ඇයගේ නර්තන විලාශය මුලින්ම බොලිවුඩයට නොගැළපුණු බවය. කතක් හා භරතනාට්‍යයම්හි අග්‍රප්‍රාප්ති කුසලතා ප්‍රකට කළ ශ්‍රී බොලිවුඩයේ රිද්මයට නර්තනයේ යෙදවීමට සරෝජ් සැර වැරවූ සහ දඬුවම් කළ වාර බොහෝය. ඇය කියන්නේ ශ්‍රී ඒ සියල්ල ඉතා ඉවසිලිවන්තව දරාගත් බවයි.

චාල් බාස්‘ හි ‘නා ජනේ කහා සේ ආයි හෛ‘ නර්තනයෙහි ඇය යෙදුණේ අංශක 103 ට උණ වැලඳී තිබිටදීය. එමෙන්ම ඇය බොලිවුඩ රංගනයට පිවිසියේ හින්දි බස චතුර ලෙස කතා කළ නොහැකිවය. ඇයට මුල දී හඬ දුන්නේ නාස් ය. ඇයට පෙර බොලිවුඩයට පිවිසි දකුණු ඉන්දීය තාරකාව රේඛා, ශ්‍රී රැඟූ ආඛිරි රාස්තා සිනමා පටයේ ඇයගේ චරිතයට හඬ දුන්නාය. ශ්‍රී මුලින්ම හඬත් රංගනයත් එකට බොලිවුඩයට දායාද කළේ ‘චාන්ද්නි‘ සිනමා පටයෙනි.
‍ වයස 48 දී බොලි­වු­ඩයේ
 බල­වත්ම කාන්තාව වෙයි

විවිධ චරිත නිරූපණය කිරීමේ පිපාසාවෙන් ඇය පෙළුණේ මුහුකුරාගිය නුවණක් නැති ගැටවර වියේදීමය. ඇය වයස අවුරුදු 13දී 25 හැවිරිදි රජිනිකාන්ත්ගේ සුළුමව ලෙස රංගනයේ යෙදුණාය. ඉන් වසර කිහිපයකට පසු 1989 දී ඇය චාල් බාස් බොලිවුඩ් සිනමා පටයේ ඔහුගේ පෙම්වතිය වූවාය.

ශ්‍රී ගේ රංගනයට ප්‍රතිචාර ලැබුණේ සිනමා පට තිරගතවීමට පෙරදීය. ඇයගේ අකල් මරණයත් සමඟ ශේකර් කපූර් මිස්ටර් ඉන්ඩියාහි ශ්‍රී, චැප්ලින් ලෙස රඟන විට සියල්ලන්ම ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක දී ජයග්‍රාහි අවසන් ලකුණ ලබාගනිද්දි නැඟී සිටින ප්‍රේක්ෂකයන් මෙන් නැඟී සිටිබව සිහි කළේය.

බොලිවුඩයේ පළමු සුපිරි තරුව වූයේ රාජේෂ් ඛන්නාය. එතෙක් පටන් නළුවන් පමණක් සුපිරි විරුවන් වෙමින් තරු බලය සිනමා පටයේ ආදායම් වාර්තාලබන්න හේතු කාරක කරගනිමින් විරාජමාන වෙද් දී තමන් සුපිරි තරුවක් නොව මෙගා තරුවක් බවත්, සිනමා පටයක සාර්ථකත්වයට ‘ශ්‍රී දේවි‘ නම පමණක්ම වගකීමේ සහතිකයක් බවත් ඇය පෙන්වා දුන්නාය. ශ්‍රී, කමල් හසන් සමඟ සිනමාපට විසි එකකත්, රජිනි ඛාන්ත් සමඟ සිනමාපට විසි දෙකකත් රඟපෑවාය. ශ්‍රී දේවිය බොලිවුඩයේ ප්‍රධාන තාරකාව ගේ චරිතය මුල් වරට රඟන්නට වරම් ලැබුණේ සොල්වා සාවන් (1979) සිනමා පටයේය. එවකට ඇය සොළොස්විය සපීරූ නව යෞවනියකි. කතාව ගෙතී තිබුණේ ද ගුරුවරියක වීමට සිහින මවන එම වයසේම යෞවනියක වටාය. සොල්වා සාවන් 1977 කොලිවුඩයේ තිරගතවූ 16 වයතිනලේ බොලිවුඩ් ප්‍රති නිර්මාණයයි. එහි ද කතා නායිකාව වූයේ ශ්‍රී දේවිය යි.

සිනමා පට දෙකේම අධ්‍යක්‍ෂවරයා වූ භාරතිරාජා අධ්‍යක්‍ෂවරයා ඇගේ අකල් වියෝව කන වැකුණු පසු කියා සිටියේ මුලින් ශ්‍රී දේවි බොලිවුඩයට පා තැබීමට අකැමැති වූ බවයි. එහෙත් පසුව අධ්‍යක්‍ෂවරයා ඇය දිරිමත් කර තිබේ. හිම්මත්වාලා (1983) ශ්‍රී ජනප්‍රිය තරුවක් බවට පත් කළ පළමු බොලිවුඩ් සිනමා පටයයි. හිම්මවත්වාලා මිලියන 50ක ආදායමක් ලබමින් (1983) වසරේ වැඩිම ආදායමක් ලද සිනමා පටය බවට පත්විණි. අවාසනාවකට හිම්වත්වලා 35 වැනි සැමරුම යෙදී තිබුණු පෙබරවාරි 25 දිනට පෙර දින ශ්‍රී දේවි දිවි සිනමාවෙන් සමුගත්තාය. එහි ප්‍රධාන නළුවා ලෙසින් රඟ පෑ ජිතේන්ද්‍ර කියා සිටියේ මුලින්ම ඒ චරිතයට රේඛා තෝරාගෙන තිබුණද අවසානයේ දී අවස්ථාව ශ්‍රී ට ලැබුණු බවය. එ මෙන් ම භාරතයේ අති දක්‍ෂම නර්තන ශිල්පිනියක වු ශ්‍රී දේවී එ තරම් නැටුමට දක්ෂ නැති තම දුර්වලතා බොහෝ සංයමයෙන් යුතුව ඉවසා සිටිවග ජිතේන්ද්‍ර මාධ්‍යයට පැවසුවේ මීට සතියකට පමණ පෙරදීය. හිම්මවත්වාලා සාර්ථකත්වයට පසු ශ්‍රී දේවි - ජිතේන්ද්‍ර සිනමාපට පහළොවක එකට රඟපෑහ. රිෂී කපූර් - ශ්‍රී දේවි සුසංයෝගයද රන් රස සේ පෑහිණි. නාගීනා, චාන්ද්නී, ගුරුදේවී 1993 වැනි සිනමා පට පේ‍්‍රක්ෂක මතකයෙන් කිසිදා ගිලිහෙන්නේ නැත. 1986 දී නාගීනා සිනමා පටයේ දී මුලින්ම ශ්‍රී ගේ පෙම්වතා බවට පත් වූ රිෂි කපූර් පවසන්නේ නාගීනා රඟගද්දි ශ්‍රී ඉතා නිහඬව පසුවු බවයි. පසුකාලයේ ඇය රිෂිට තමන් හින්දි

නොදන්නා නිසා එසේ නිහඬව සිටි බව පවසා තිබේ. නාගීනා නර්තනය නාග නර්තන අතර විශිෂ්ටම ඉහළම ප්‍රේක්ෂක මනාපයක් ලද නර්තනයකි.

ශ්‍රී දේවි අනිල් කපුර් රිදී තිරයට කෙතරම් තිරසාර යුවළක් වුවාද කිවහාත් දෙදෙනා එක්ව සිනමපට 16ක රඟ පෑහ. මිස්ටර් ඉන්ඩියා (1987) ලමිහේ (1991) ල ජුඩායි (1997) ලාඩ්ලා (1994) හිර්- රන්ජා (1992) රූප් කී රාණි චෝරොන් කා රාජා (1993) ඉන්

කිහිපයකි. ශ්‍රී දේවි දකුණු ආසියාවේ ප්‍රථම සුපිරි තරුව වුයේ මිස්ටර් ඉන්ඩියා හි රඟපෑමත් සමඟය. බොනි කපුර් සමඟ විවාහ වු පසු අවසානයේදි ශ්‍රී දේවියගේ මස්සිනා බවට අනිල් පත් විය. මිය යාමට දින කිහිපයකට පෙර ශ්‍රී දේවිල අනිල් කපුර් සමඟ චිත්තියාන් කලයියාන් ගීතයට නර්තනයේ යෙදුණායඟ ශ්‍රී දේවි මිථුන් චක්‍රබෝර්ති යුවළ පෙම්වතුන් වුයේ තිරයේදි පමණක් නොවෙයි. දෙදෙනා එක්ව රඟපෑවේ සිනමා පට හතරක වුවත් ජාග් උතා ඉන්සාන් (1984) සිනමා පටයේ දී ඇති වූ ප්‍රේමය තෙවසරක රහසිගත විවාහයකට පාර කැපීය.

රාජේෂ් ඛන්නා, ශ්‍රී දේවි යන බොලිවුඩ් පළමු සුපිරි තරු යුවළ පෙම්වතුන් වුයේ නයා ඛාදම් (1984) මක්සාද්, නස්රානා, මාස්ටර් ජි සිනමා පටවල ය. ඇය මෙගා තරුව අමිතාබ් බච්චන් හා සිනමා පට පහක රඟ පා තිබේ. ඉන්ක්විලාබ්, ආක්රි රාස්තා, ජොම්මා චුම්මා ඉන් ලන්ඩන් ඒ අතර තිබේ. කුඩා ගුවාහ් (1992) දෙදෙනා රඟපෑ ප්‍රේක්ෂක සම්මානය නොඅඩුව දිනාගත් අන්තර්ජාතිකවද ජනාදරයට පත් සිනමා පටයකි. විශේෂෙයෙන්ම ඒ සිනමා පටය ඇෆ්ගනිස්තානයේ කෙතරමී ජනප්‍රිය වූවාද කිවහොත් එරට ඇගේ අකල් වියෝව අසා රසිකයන් මහත් සේ ශෝකයට පත් වී තිබේ.

ශ්‍රී ට අමිතාබ් යළි තිරයේදි මුණ ගැසුණේ ඉංග්ලිෂ් විංග්ලිෂ් සිනමා පටයේ විශේෂ දර්ශනයකදීය. පෙබරවාරි 25වන දින ඉන්දියාවේ වේලාවෙන් ප.ව. 1.00ට (ඩුබායි වේලාවෙන් 11.30ට) අමිතාබ් බච්චන් ට්විටර් වෙබ් අඩවියට මෙසේ සඳහන් කර තිබිණි.
 වයස අවු­රුදු 4 දී
 සිනමා රංග­න­යට පිවි­සෙයි
 

˝ඇයි දන්නේ නෑ මගේ හිතට අමුත්තක් දැනෙනවා.˝ ඉන් ස්වල්ප වේලාවකට පසුව ශ්‍රී දේවිය මරණයට පත් වූ පුවත මාධ්‍යයෙන් ප්‍රකාශයට පත් කෙරිණි. බොලිවුඩ් පුරයේ සියල්ලන්ම වෙබ් අඩවි හරහා අකල් මරණය ගැන ශෝකය පළ කළද බච්චන් ඉන් පසු කිසිවක් සඳහන් කර තිබුණේ නැත. එහෙත් ඉරිදා දිනයට නියමිතව තිබූ අමිතාබ් සහ රිෂි රගන 102 not out සිනමා පටයේ ගීතමය ජවනිකාවක් රූගත කිරීම ශ්‍රී දේවියට උපහාර පිණිස අවලංගු කර තිබේ. රජේෂ් ඛන්නා, අමිතාබ් බච්චන්, ශෂ්තෘගන් සිංහ වැනි තමන්ට වඩා බෙහෙවින් ජ්‍යෙෂ්ඨ නළුවන් සමඟ සේම වයසින් බාල නළුවන් සමඟද පෙම්වතිය ලෙස රැඟීමේ වාසනාව ලද එකම නිළිය ද ශ්‍රී දේවිය. ශාරුක් ඛාන් සමඟ රැඟූ ආමි: 1996, සල්මන් ඛාන් සමඟ රැඟූ චන්‍ද්‍ර මුඛී, චාන්ද් ඛාන් කා කුක්දා රසික ප්‍රසාදය නොඅඩුව දිනා ගත්තේය. බොලිවුඩයේ සම්ප්‍රදාය ළාබාල නිළියන් සමඟ වැඩහිටි නළුවන් පෙම්වතුන් ලෙස රඟ පෑම වුවද ශ්‍රී දේවි සෑම පරපුරකම නළුවන්ට පෙම්වතිය වී ඒ සම්ප්‍රදාය ද උඩු යටිකුරු කළාය. බොලිවුඩයේ අඩ සියවසක් සම්පූර්ණ කර සිනමා පට 300කට දායක වීම ශාරුක්, සල්මන්, අමීර්ඛාන් ත්‍රිත්වය ද එක් වුවද කළ නොහැකි බව සල්මන් කියා සිටයේ 2017 මම් සිනමා පටය ප්‍රවර්ධනයේදීය. 80- 90 දශකයන්හීදි වඩාත්ම ජනප්‍රිය බොලිවුඩ් තාරකාව ශ්‍රී දේවි වූවාය. එලෙසම වැඩිම මුදලක් අය කළ තාරකාව වූයේ ද ඇයයි. ගුරු (1988) චාල්බාස් (1989) ලම්හේ (1991) කුඩා ගවාහ් (1992) සහ ගුරු දේව් (1994) සිනමා පටවල ඇය ද්විත්ව චරිත නිරූපණයෙහි යෙදුණාය.

වරෙක ස්ටීවන් ස්පිල්බර්ග්ගේ ජුරාසික් පාර්ක් සිනමා පටයේ ඇයට රඟන්න අවස්ථාව ලැබුණත් එය ප්‍රතික්ෂේප කළේ බොලිවුඩ් සිනමා පට සමඟ කාර්ය බහුල වීම නිසාය. ශ්‍රී දේවියට පසු බොලිවුඩයේ අංක එකේ නිළිය වූ මධුරි ඩික්සිත්ට එම වාසනාව

පෑදුණේද ඇය නිසාමය. මුලින්ම බෙටා සිනමා පටයේ රඟපෑමේ අවස්ථාව ලැබුණේ ශ්‍රී දේවියට වුවත් ඇය එය ප්‍රතික්ෂේප කළේ අනිර් කපූර් සමඟ ඒ වන විට සිනමා පට රැසක රඟපා තිබුණු නිසයි. පසුව එම අවස්ථාව මධුරිට ලැබුණි. ශ්‍රී දේවිය දක්ෂ චිත්‍ර ශිල්පිනියක ද බව බොහෝ දෙනා නොදන්නා රහසකි. 2018 ආරමීභයේ දී ශ්‍රී දේවියගේ දළ ආදායම ඩොලර් මිලියන 35ක්ව තිබිණි. එහෙත්
 පළමු නිරූ­ප­ණය මුරු­ගන්
 දේවි­යගෙ‍් බාල අව­දි­යයි  

සිනමා දිවිය ඇරැඹුමේදි මවත් සුළු පියාත් සොයුරියත් අඩ සොයුරාත් යන සිය පවුලම නඩත්තු කිරීමට සිදු වූයේ ඇයට යි. අමෙරිකාවේ හා බ්‍රිතාන්‍යයේ ඉපදුණු ධනවත් ඉන්දියානු ජාතික තරුණයන්ගෙන් විවාහ යෝජනා රැසක් ලැබුණත් ඒ සියල්ල ප්‍රතික්ෂේප

කළ ශ්‍රී දේවී දෙවැනි වරට ද විවාහ වූයේ දෙදරු පියකු වූ අට වසරක් වැඩිමල් බොනි කපූර් සමගය. විවාහ වන විට ඇය සත් මසක ගැබිනියකව වී සිටියාය. විවාහයට පෙර ගැබ් ගෙන ඇති බව පිළිගත් එකම බොලිවුඩ් තාරකාව ශ්‍රී දේවි ය. මුලින් ශ්‍රී දේවිය හෘදයාබාධයකින් මිය ගිය බව පැවසුණත් පසුව ඇය නාන බේසමේ වැටී ගිලී මිය ගිය බව ප්‍රකාශ විය. ශ්‍රී දේවිය ද මැරිලින් මොන්රෝ, දිව්‍යභාරතී මෙන් ලෝකයට ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමින් අවසන් ගමන් ගියාය. ලොවම එළිය කළ ද පහන් දැල්ලක මුල අඳුරුය. ඇය ලොවට පෙන්වූයේ සතටින් දිවි ගෙවන බවය. එහෙත් සත්‍ය එයද?

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »