Home / බොලිවුඩ් ගොසිප් / රාම් ගෝපාල් පොලීසියට

රාම් ගෝපාල් පොලීසියට

2018-03-07 10:29:00       217
feature-top
රාම් ගෝපාල් වර්මා මේ වනතුරු නිර්මාණය කළ චිත්‍රපට ජනප්‍රියත්වයට පත්වුනේ අඩ නිරුවත හෝ ලිංගිකත්වය තේමා කර ගත් නිසා නොවෙයි. ඔහුගේ නිර්මාණ රස වින්ද ප්‍රේක්ෂකයන් ඒ බව හොඳින් ම දන්නවා. ඒත් පසුගියදා ඔහුගේ චිත්‍රපටයක් නිකුත් වුණේ එතෙක් ඔහු අනුගමනය කළ ශෛලිය උඩු යටිකුරු කරමින්. මේ චිත්‍රපටය නම් කර ඇත්තේ ‘ගෝඩ්, සෙක්ස් ඇන්ඩ් තෲත්’ යනුවෙන්. මෙහි ප්‍රධාන නිළිය මියා මල්කොවා නම්වූ සුරූපිනියක්. ඇය වඩාත් ප්‍රසිද්ධව සිටින්නේ කාමුක චිත්‍රපටවල රඟපාන නිළියක් හැටියටයි. මේ චිත්‍රපටය පසුගිය මාසයේ අන්තර්ජාලයට නිකුත් කර තිබුණා.

ඒ සමඟම ඉන්දීය කාන්තා සංවිධානයක් රාම් ගෝපාල් වර්මාට එරෙහිව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ, රාම් ගෝපාල්‍ ගේ ‘ගෝඩ්, සෙක්ස් ඇන්ඩ් තෲත්’ චිත්‍රපටයෙන් කාන්තාවන්ගේ විලිබිය නැති කර ඔවුනට නිග්‍රහ කර ඇතැයි පවසමින්. එමෙන්ම, එය අසභ්‍ය චිත්‍රපටයක් යැයිද ඔවුන් ප්‍රකාශ කර තිබුණා.

‍‍ පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ පොලීසිය, රාම් ගෝපාල් ව කැඳවා ඔහුගෙන් චිත්‍රපටය පිළිබඳව පැය 3 1/2 ක් ප්‍රශ්න කර තිබෙනවා. ඒ සමඟම ඔහු සතුව තිබූ ලැප්ටොප් පරිගණකයක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසෙන්නේ. ප්‍රශ්න කිරීම්වලදී රාම් ගෝපාල් පවසා ඇත්තේ මේ චිත්‍රපටයේ තේමාව තමන්ගේ වුවත් එය නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළේ තමන් නොවන බවයි. චිත්‍රපටය රූගත කර ඇත්තේ එක්සත් රාජධානියේ සහ පෝලන්තයේදී බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා. බො‍හෝ දෙනකුගේ විවේචනයට ලක්වී ඇත්තේ මේ චිත්‍රපටයේ ඇතුළත් වන්නේ යැයි පැවසෙන නිරුවත් දර්ශන කිහිපයක්. මේ පිළිබඳව පොලීසිය ප්‍රශ්න කළ විට රාම් ගෝපාල් පවසා ඇත්තේ එම දර්ශන මියා මල්කෝවා රඟපෑ වෙනත් චිත්‍රපටයක කොටස් බවයි. මේ ප්‍රවීණ අධ්‍යක්ෂවරයාගෙන් ඉදිරි දිනවලදීත් ප්‍රශ්න කිරීමට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ලක ලැහැස්ති වී සිටින බවයි පැවසෙන්නේ.

පසුගිය මාසයේදී උද්ඝෝෂණයන් හි යෙදුණු තෙලන්ගා සහ ආන්ද්‍රා ප්‍රදේශ් හි කාන්තා සංවිධානවල ක්‍රියාකාරිනියන් ඉල්ලා සිටියේ මේ චිත්‍රපටය තහනම් කර රාම් ගෝපාල්ව වහාම අත්අඩංගුවට ගන්නා ලෙසයි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »