Home / බොලිවුඩ් ගොසිප් / තම්මනාට සපත්තු ප්‍රහාරයක්

තම්මනාට සපත්තු ප්‍රහාරයක්

2018-02-15 09:59:00       224
feature-top
තම්මනා භාතියා 2005 දී බොලිවුඩ් සිනමාවට එක්වූ යොවුන් නිළියක්. එකල ඇය 15 වියැති යුවතියකව සිටිද්දී ‘චාන්ද් සා රොෂාන් චෙහ්රා’ නම් වූ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ලෙස රඟපෑවා. මේ වන විට 29 වැනි වියෙහි පසුවන තම්මනාට පසුගියදා ස්වර්ණාභරණ වෙළෙඳසලක් විවෘත කිරීමට‍ ඇරයුමක් ලැබුණා. විවෘත කරන වේලාවට පැමිණි මේ සුරූපිනිය, ඒ වැඩකටයුතු වලට සහභාගී වී වෙළෙඳ සලෙන් පිටතට පැමිණියේ තම නිවෙස බලා යන්න හිතාගෙන.

ඒත් ඇයට සිදුවුණේ අනපේක්ෂිත දෙයක්. ඇය දෙසට විදුලි වේගයෙන් හඹා ආවේ සපත්තුවක්! වට පිට බලද්දී ඇය දුටුවේ කිසියම් පුද්ගලයකු තමන්ට සපත්තුවකින් පහර දී පැන යන්නට උත්සාහ කරන බවයි. සපත්තු පහරින් වැළකෙන්නට ඇයට හැකි වුණා. ඒ මොහොතේ ම ක්‍රියාත්මක වූ ඒ අසල රැඳී සිටි පොලිස් නිලධාරියකු සපත්තුවෙන් දමා ගැසූ පුද්ගලයාව අල්ලා ගත්තා. ප්‍රශ්න කිරීමේදී හෙළිවුණේ 31 වියෙහි පසුවන ඔහු තාක්ෂණ විද්‍යා උපාධිධාරියකු බවයි. පොලිස් අත්අඩංගුවට පත්වූ නාරායන්ගුඩා පොලිස් ස්ථානයට රැගෙන ගියා. එහි ස්ථානාධිපති බී. රවින්දර් පැවසුවේ පහර දීමට හේතුව වී ඇත්තේ තම්මනා විසින් මෑතකදී රඟපෑ චරිත මේ පුද්ගලයා ගේ නොසතුටට ලක්වී ඇති බවයි. තම්මනා මෑතකදී රඟපෑවේ “බාහුබාලි ද බිගිනින්” සහ “බාහුබාලි 2 : ද කන්ක්ලූෂන්’ යන චිත්‍රපටවලයි.

තෙලිඟු සහ දමිළ චිත්‍රපටවල ද රඟපා ඇති තම්මනා, දකුණු ඉන්දීය සිනමාවේ වැඩිම මුදලක් අය කරන නිළියන් කිහිප දෙනාගෙන් එක් අයෙක්.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »