Home / බොලිවුඩ් ගොසිප් / කොන්දේ රුදාවෙන් ෂූටිං කැන්සල්

කොන්දේ රුදාවෙන් ෂූටිං කැන්සල්

2018-02-14 10:13:00       60
feature-top
අසනීපයක් තිබුණත්, ඒ වගක් කිසිවකුටවත් නොහඟවා වැඩට බහින්න නොපැකිලෙන නිළියක් තමයි, රාණි මුඛර්ජි. ඒ අයුරින් නියම වෘත්තීය නිළියක් ලෙස කටයුතු කරන්නට යද්දී ඇයට පසුගියදා සිදුවුණේ නොසිතූ කරදරයක්. එය සිදුවුණේ මෙහෙමයි.

රාණි මෑතකදී රඟපෑ ‘හිච්කි’ නම් වූ අලුත් ම චිත්‍රපටයේ ප්‍රවර්ධන වැඩසටහනක රූගත කිරීමකට සහභාගි වීමට චිත්‍රාගාරයකට පැමිණ සිටියා. මේ රූපවාහිනී වැඩසටහන අධ්‍යක්ෂණය කළේ ප්‍රවීණ සිනමාකරුවන් වන කරන් ජොහාර් සහ රෝහිත් ශෙට්ටියි. රාණි මුඛර්ජි මේ රූගත කිරීමට පැමිණෙන බව දන්වා සිටියේ පසුගිය මාස දෙක තුන තිස්සේ ඇයට වද දුන් පිට කොන්දේ හටගත් සුළු වේදනාව ගැන සැලකිල්ලක් නොදක්වමින්. ඒත්, රූගත කිරීමට පැමිණි ඇය අසුනක වාඩිවුණේ පිට කොන්දේ වේදනාව තරමක් වැඩිවී ඇති බව වැටහුණු නිසයි. ඇය ඒ බවක් කිසිවකුටවත් හැඟවූයේ නැහැ.

තවත් විනාඩි කිහිපයක් ගතවුණා. රාණි එම අසුනෙන් නැගී සිටින්නට උත්සාහ ගත්තා. නමුත් ඇයට නැගිටින්න හැකිවුණේ නැහැ. වේදනාව එක්වරම වැඩිවුණා. ඒ වේදනාව රාණිට ඉවසා දරා සිටීමට හැකි වුණේ නැහැ. ඉතින්, ඇයට සිදුවුණේ රූගත කිරීම් පැත්තක තබා වෛද්‍යවරයකු වෙත යන්නටයි. මේ නිසා රූගත කිරීම අතහැර දමන්නට සිදුවුණා. එලෙස විස්තර කීවේ කාර්මික ශිල්පියෙකි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »