Home / බොලිවුඩ් ගොසිප් / සොනාක්ෂිට ‘ඩොක්ටර් ෆිෂ්’ ප්‍රතිකාරයක්

සොනාක්ෂිට ‘ඩොක්ටර් ෆිෂ්’ ප්‍රතිකාරයක්

2018-02-02 09:47:00       550
feature-top
සොනාක්ෂි සිංහ ගේ රංගන‍යන්ට විතරක් නොවෙයි, ඇගේ මනහර නර්තනයන්ටත් කවුරු කවුරුත් ප්‍රිය කරනවා. මේ හැඩකාර නිළිය පසුගියදා තායිලන්තයේ සංචාරය කළා. ඒ බව ඇගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවලිනුත් සනාථ වෙනවා. තායිලන්තයේ සුන්දර, දර්ශනීය තැන්වලට ගිය සොනාක්ෂි ඒවා ඡායාරූපවලට නගන්න අමතක කළේ නැහැ.

ඇත්තටම, සොනාක්ෂි ඒ රටට ගියේ විනෝද වෙන්නමද? නැත්නම් තමන්ගෙ දෙපාවල හටගත් සමේ රෝගයකට ප්‍රතිකාර ගන්නද? ලැබෙන ආරංචිවල හැටියට නම් මේ රුවැත්තිය තායිලන්තයට ගියේ ප්‍රතිකාරයක් ලබාගන්නයි. මුලින් ම පතායා නගරයට ගිය සොනාක්ෂි, එහි සුන්දරත්වය බලමින් සංචාරය කළා. ඉන්පසුව ඇය පා තැබුවේ පාවෙන වෙළෙඳසල්වලටයි. නෙත් සිත් පැහැර ගන්නා අත්කම් භාණ්ඩ නරඹමින් ඒවායින් කිහිපයක්ම මිලදී ගත් ඇය මඳ වේලාවක් ගිමන් හැරියා. විනාඩි කිහිපයක් එලෙස ගත කළ සොනාක්ෂි, ඉන් පසුව ගියේ මත්ස්‍යයන්ගෙන් පිරුණු පොකුණු තනා තිබෙන ස්ථානයකටයි. එය මින් මැඳුරක් නම් නොවෙයි.‍ වෛද්‍ය මධ්‍යස්ථානයක්. මෙහි සිදු කෙරෙන්නේ සමේ රෝග ඇති අයට විශේෂයෙන් ම පාදවල චර්ම රෝගී තත්ත්වයන් ඇති අයට ප්‍රතිකාර කිරීමයි. මේ රෝගීන් තම දෙපා මත්ස්‍යයන් පිහිනන තටාකවල දමාගෙන සිටීමෙන් චර්ම රෝග සුවවන බවයි පැවසෙන්නේ. මේ ප්‍රතිකාරයට යොදාගෙන ඇත්තේ එංගලන්තයෙන් ආනයනය කර ඇති ‘ඩොක්ටර් ෆිෂ්’ නමින් හැඳින්වෙන මත්ස්‍ය විශේෂයක්. ඉතින්, මේ මත්ස්‍ය ප්‍රතිකාර කරන තැනට ගිය සොනාක්ෂි, එහි උපදෙස් අනුව තම දෙපා මත්ස්‍ය තටාකයක විනාඩි 20 ක් පමණ රඳවා ගෙන සිටියා. මේ ප්‍රතිකාරය ඇයට මහත් සහනයක් ගෙන දුන් බවයි පැවසෙන්නේ.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »