Home / බොලිවුඩ් ගොසිප් / ඓශ්චර්යා ට පුතෙක් ඉන්නවලු

ඓශ්චර්යා ට පුතෙක් ඉන්නවලු

2018-01-16 10:45:00       601
feature-top
ආන්ද්‍රා ප්‍රදේශයේ 29 වියැති තරුණයකු පවසන්නේ තමා ඓශ්චර්යා රායිගේ පුත්‍රයා බවයි! 1988 දී ලන්ඩන් නුවරදී තමන්ව මෙලොවට බිහිකළේ ඓශ්චර්යා බවයි සංගීත් කුමාර් නම් වූ මොහු පවසන්නේ. එහෙම නම් දැනට 44 වැනි වියෙහි පසුවන ඓශ්චර්යා මේ පුද්ගලයාව බිහිකර ඇත්තේ වයස අවුරුදු 15 ක දැරියක වී සිටිද්දී විය යුතුයි!

“මම ලන්ඩන්වල ඉපදුණාට පස්සෙ අවුරුදු 3 දී චොඩවාරම් ප්‍රදේශයට ගෙනිහින් තියෙනවා. මට අවුරුදු 27 ක් යනතුරු ඒ පළාතේ තමයි ලොකු මහත් වුණේ. ඉපදිලා අවුරුදු 3 වෙනතුරු හිටියේ මගේ ආච්චී බ්‍රින්ඩා රායි ළඟයි. ඒ මුම්බායි නුවර. මගේ සීයා ක්‍රිෂ්ණ රාජ් රායි ගිය අවුරුද්දේ අප්‍රේල් මාසෙදි මිය ගියා.

මගේ මාමා ගෙ නම , ආදිත්‍ය රායි” සංගීත් කුමාර් මේ පුදුම කතාව කීවේ පසුගිය සතියේ මන්ගලුරු නම් වූ ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින්. කෙසේ වෙතත්, ඓශ්චර්යා තමන්ගේ මව යැයි ඔප්පු කිරීමට සංගීත් සතුව කිසිදු සාක්ෂියක් නැහැ.

ඔහු තව දුරටත් පවසන්නේ ඓශ්චර්යා තම සැමියාගෙන් (අභිෂේක්ගෙන්) වෙන්වී වෙනම ජීවත්වන බවයි. “අවුරුදු 27 ක කාලයක් තිස්සේ මම ජීවත් වුණේ පවුලෙන් වෙන් වෙලායි. මේ කාලෙදී මේවා ගැන හෙළි කරන්න කිසිම කෙනෙක් මට ඉඩ දුන්නේ නැහැ. එහෙම කළා නම් මෙලහකටත් මම අම්මාව (ඓශ්චර්යා) හොයාගෙන ඇවිත්.

දැන් මම අම්මාගෙන් ඉල්ලන්නේ මම දැනට පදිංචි වෙලා ඉන්න මන්ගලුර් පළාතට එන්න කියලයි” සංගීත් කුමාර් මාධ්‍ය ඔස්සේ එම ඉල්ලීම යොමු කළා. මීට මාස කිහිපයකට පෙර ඓශ්චර්යා ගැන තවත් කතාවක් අන්තර් ජාලය ඔස්සේ පැතිර ගියා. එයින් කියැවුණේ ඓශ්චර්යා මීට පෙර විවාහ වී සිටි අයකු බවයි. නමුත් එය හුදු ඕපාදූපයක් මිස ඇත්ත කතාවක් නොවෙයි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »