Home / බොලිවුඩ් ගොසිප් / මීළඟ බොලිවුඩි මනාලිය කවුද?

මීළඟ බොලිවුඩි මනාලිය කවුද?

2018-01-02 12:50:00       245
feature-top
අනුෂ්කා ශර්මා විරාටි ඛෝලි ගේ මනාලිය වීමෙන් පසුව දැන් කාගේත් නෙත් සිත් යොමුවී ඇත්තේ බොලිවුඩි පුරයේ මීළඟ මනාලිය දෙසටයි. වටින් ගොඩින් ලැබෙන ආරංචි වලට අනුව බොලිවුඩයේ මේ වනවිට ජනප්‍රියත්වයට පත්ව සිටින සුරූපිනියන් කිහිප දෙනකු ට සිකුරු දසාව ලබා ඇති හැඩයි.

පෙම් ලොව අබිසෙස් ලබන්න සූදානම් වන මේ රුවැත්තියන් අතරින් මුලින්ම සඳහන් වන්නේ ජනප්‍රිය නිළි සෝනම් කපූර් ගේ නමයි. අනුෂ්කාගෙන් පසුව මීළඟට යුග දිවි ගමන් අරඹන්නට සූදානම් වන්නේ ඇයයි. ඇගේ අත ගන්නේ ඉන්දියාවේ ධනවත් ව්‍යාපාරිකයකු වන ආනනද් අහුජා. ඔහුත් ඇයත් පෙම්වතුන් ලෙස ඇසුරු කරන්නට පටන් ගෙන දැන් සෑහෙන කාලයක් ගතවෙලා. මෑතකදී පැවැති ඉන්දීය ජාතික සිනමා සම්මාන උළෙලට සෝනම් පැමිණ සිටියේ ආනන්ද් එක්කයි. මේ සම්මාන උළෙලේදී සෝනම්ට විශේෂ සම්මානයක්ද හිමි වුණා.

සුපිරි තරුවක් විලසින් වැජඹෙන දීපිකා පදුකෝන් ගේ ආදර කතාවත් දැන් බොහෝ දෙනකුට රහසක් නොවෙයි. ඇගේ පෙම්වතා ජනප්‍රිය නළු රන්වීර් සිං බව නොදන්නා කෙනකු නැහැ. කවදද රන්වීර් – දීපිකා එක සෙවණකට එක්වන්නේ.? බොලිවුඩි පුරයේ බොහෝ දෙනකු ඒ ප්‍රශ්නය අහනවා. යසට කැපෙන මේ ජෝඩුව ළඟදීම යුග දිවි ගමන් අරඹනු ඇති බවයි පැවසෙන්නේ.

අනාගත බොලිවුඩ් මනාලියන් අතර සිටින කැපීපෙනෙන තවත් තරුවක් තමයි සොනාක්‍ෂි සිංහ. ඇයත් ළඟදීම යුග දිවි ගමන් අරඹන්නට පෙරුම් පුරමින් සිටිනවාලු. මේ සම්බන්ධ ආරංචි හතර අතින් ම අහන්න ලැබෙනවා. සොනාක්‍ෂි ගේ පෙම්වතා බන්ටි සාජ්දේ බවයි තතු දන්නා උදවිය කියන්නේ. ව්‍යාපාරික කටයුතුවල යෙදී සිටින ඔහු සහ සොනාක්‍ෂි අතර ඇසුරකට මුල පිරී ඇත්තේ 2012 දී. (බන්ටි ) සුපිරි නළු සල්මන් ඛාන්ගේ ඥාති සොහොයුරෙක්. දැනට ලැබෙන ආරංචි වලට අනුව නම් සොනාක්‍ෂි සහ බන්ටිට මවු පිය දෙපාර්ශවයෙන්ම ආශිර්වාද ලැබී තිබෙනවාලු.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »