Home / බොලිවුඩ් ගොසිප් / මම්තාව අල්ලන්න ඉන්ටර් පෝල්

මම්තාව අල්ලන්න ඉන්ටර් පෝල්

2017-12-14 10:44:00       224
feature-top
මත්ද්‍රව්‍ය ජාවාරමෙහි යෙදී සිටින බවට චෝදනා ලබා සිටින බොලිවුඩ් සිනමා නිළියක වූ මම්තා කුල්කාර්නි ගේ සෙල්ෆි ඡායාරූප කිහිපයක් පසුගියදා අන්තර් ජාලයට මුදා හැර තිබීම පිළිබඳව ඉන්දීය රජයේ අවධානය යොමු වෙලා. ඒ අනුව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් කාරියක ලෙස නම්කර ඇති මම්තා ව වහාම තම රටට භාර දෙන්නැයි ඉන්දීය රජය අන්තර් ජාතික අපරාධ පිළිබඳ පොලිස් කොමිසම (ඉන්ටර්පෝල් )වෙතට දන්වා තිබෙනවා. මම්තා නිකුත් කළ සෙල්ෆි ඡායාරූප අනුව ඇය මේ වන විට නයිජීරියාවේ රැඳී සිටින බවටයි සැක කෙරෙන්නේ. ඇතැම් විට ඇය නයිජීරියාවේ හෝ කෙන්යාව අතර සැරිසරමින් සිටින බවටද සැක කෙරෙනවා. ඇය මෙහි ජාවාරම්කර ඇත්තේ තම සැමියා වන විජේ ගොස්වාමි හෙවත් විකී නැමැත්තාගේ හෝටල් ව්‍යාපාරවලට මුවා වෙමින් යැයිද පැවසෙනවා. මේ වන විට විජේ ගොස්වාමි ඇමරිකානු ආරක්‍ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මම්තා සහ විජේ මත්ද්‍රව්‍ය ජාවරම්වල යෙදී සිටින ප්‍රධාන දෙදෙනකු හැටියටයි ඉන්දීය අධිකරණ අංශ නම්කර ඇත්තේ. පසුගිය වසරේ දි ඉන්දීය අධිකරණයක් මගින් මම්තාට එරෙහිව වරෙන්තු නිකුත් කර තිබුණා. ඇය සතුව තිබුණු නිවාස කිහිපයක් ද පොලිසිය භාරයට ගැණුනා. මේ සමගම එම ජාවාරම්වලට සමිබන්ධ යැයි සැක කෙරෙන පුද්ගලයන් 14 දෙනකුද අත් අඩංගුවට ගැණුනා

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »