Home / බොලිවුඩ් ගොසිප් / රාජකීය දෙවැනි මනාලිය

රාජකීය දෙවැනි මනාලිය

2017-12-13 10:31:00       370
feature-top
බොලිවුඩ් සහ හොලිවුඩ් සිනමාලෝක දෙකම ජය ගන්නට සමත් ව සිටින රූ රැජන ප්‍රියංකා චොප්රා ට දීර්ඝ නිවාඩුවක් ලැබී තිබුණා. ඇය දැන් මාස කිහිපයක් තිස්සේ පදිංචිව සිටින්නේ ඇමරිකාවේ නිව්යෝක් නුවරයි. ඒ 'ක්වොන්ටිකෝ ' නම් වූ ඇමරිකානු ටෙලි නාට්‍ය මාලාවේ රඟපාන්නටයි. මෙහි ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට එක් වී දැඩි කාර්ය බහුල සති කිහිපයක් ගත කළා.

ප්‍රියංකාට නිවාඩුවක් ලැබුණ හැටියේම ඇය තම නෑදෑ පිරිසත් තවත් හිතවතුන් හිතවතියන් කිහිප දෙනෙකුත් එක්ක ලොස් ඇන්ජලීස් නුවර බලා පිටත් වුණා. ඒ නිවාඩුවක් ගත කරන්නටයි. එහිදී ඇති තරම් විනෝද වූ ප්‍රියංකා එතනින් නිවියෝක් නුවර ට පැමිණියා. නිවියෝක් ගුවන් තොටුපළේ දී ඇය ගමන් කළේ තරමක අපහසුවකින්. ඇගේ වම් පාදයේ දණහිස වටා කිසියම් දෙයකින් වෙලා තිබෙන බව පෙනෙන්නට තිබුණා. ඇය හැඳ සිටි ඩෙනිම් කලිසමට පිටතිනුයි එලෙස වෙලා තිබුණේ.

මෙයට හේතුව ඇය “ක්වොන්ටිකෝ ” ටෙලි නාට්‍යයේ රඟපාද්දී සිදුවූ අනතරක් නිසා ඇගේ වම් දණහිස ආබාධයකට ලක්වීමයි.මේ අතර ප්‍රියංකා හැරී කුමරුන්ට සහ ඔහුගේ පෙම්වතිය වන ජනප්‍රිය හොලිවුඩි නිළි මෙගාන් මාක්ල්ට සුබ පතන්නටත් අමතක කළේ නැහැ. වටින් පිටින් ලැබෙන ආරංචිවලින් නම් කියැවෙන්නේ ප්‍රියංකා හැරී සහ මෙගාන් මාක්ල් ගේ විවාහ මංගල්‍යයේ දෙවැනි මනාලිය වෙන්නට ලක ලැහැස්ති වන බවයි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »