Home / බොලිවුඩ් ගොසිප් / සර්ප ප්‍රහාරයක්

සර්ප ප්‍රහාරයක්

2017-12-12 11:02:00       566
feature-top
චිත්‍රපටයක රූගත කිරීමක් සිදුවන තැනකදී සනී ලියොන්ව සර්පයෙකුගේ ප්‍රහාරයකට ලක්වූ බවට පුවතක් බොලිවුඩිපුරයෙන් වාර්තා වුණා. මේ ගැන විපරමිකරද්දී ආරංචි වුණේ සර්පයෙකු නිසා සනී ලියොන් ට අපහසු තත්වයකට මුහුණ දෙන්නට සිදුවුණත් ඇයට කිසිම හානියක් සිදුනොවූ බවයි.

ඇයට හානියක් නොවූ සර්ප ප්‍රහාරයේ වගතුග මෙහෙමයි. සනී ලියොන් පසුගියදා චිත්‍රපට රූගත කිරීමකට එක්වුණා. එහිදී ලැබුණු විරාමයේදී ඇය තමන් අසල තිබුණු පුටුවක වාඩිවුණේ එතෙක් කියවමින් සිටි පොතේ පිටු දෙක තුනක් හෝ කියවන්න හිතාගෙනයි. ඇය පොතටම අවධානය යොමු කරගෙන සිටිද්දී එක්තරා පුද්ගලයකු ඇයවෙතට පැමිණියේ හොර ගල් අහුලමින්. ඔහු එම චිත්‍රපටයේ කළමනාකාරවරයකු ලෙස කටයුතු කරන අයෙක්.

සනී ට නොදැනෙන්නට ඇය අසලට පැමිණි ඔහු තම අතෙහි ගුලි කරගෙන සිටි රබර් සර්පයකු සනීගේ උකුල මතට හෙලුවා. බලාපොරොත්තු නොවූ දෙයකින් බියට පත්වූ සනී කෑ ගසාගෙන නැගිට දුවන්නට සැරසුණා. එවිට ඇය දුටුවා කළමනාකාරවරයා සිනාසෙමින් එතැනින් වහ වහා ඉවතට යන අයුරු. සිදු වුණේ කුමක් දැයි ඇය වටහා ගත්තා. ඇය ඔහුව අල්ලා ගන්නට දිව ගියේ සිනා සෙමින්. මෙවැනි විනෝදාත්මක සිදුවීම් නිතරම බොලිවුඩ් චිත්‍රපට රූගත කිරීම්වලදී සිදුවෙනවා. ඒ නිසා ඇස් රතු නොවන මෙවැනි විහිළු තහළුවලට සනී විතරක් නොවෙයි කවුරුත් කැමැතියි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »