Home / බොලිවුඩ් ගොසිප් / නවක නඑවා ගේ අතට මැහුමක්

නවක නඑවා ගේ අතට මැහුමක්

2017-12-11 11:24:00       80
feature-top
සකිබ් සලීම් යොවුන් වියෙහි පසුවන දක්‍ෂ නළුවෙක්. ඔහු බොලිවුඩ් පුරයට පා තැබුවේ 2011දී තිරගත වූ 'මුජ්සේ ෆ්‍රාන්ෂිප් කරෝගේ' චිත්‍රපටයෙන්. සාර්ථක ලෙස තිරගතවූ එම චිත්‍රපටයේ ඔහු රඟපෑවේ ප්‍රධාන චරිතයක්. මෙහි රංගනය වෙනුවෙන් ඔහුගේ නම නවක නළුවාට හිමි වන ෆිල්ම් ෆෙයාර් සම්මානයටත් එම වසරේ නිර්දේශ වී තිබුණා.

සකිබ් ප්‍රධාන චරිතයක් රඟන 'රේස් - 3' චිත්‍රපටයේ රූගත කිරීම් පසුගිය දිනක මෙහෙබූබ් චිත්‍රගාරයේදී සිදුවුණා. මෙම දර්ශනවල ඔහු රඟපෑවේ සල්මන් ඛාන් බොබ් ඩියොල් සහ ජැකලින් ෆර්නැන්ඩස් එක්කයි.

රේස් චිත්‍රපට මාලාවේ තුන් වැනි කොටසට සකිබ් ගේ රංගනයන් එක්වන්නේ පළමුවැනි වතාවටයි .රූගත කිරීම සිදු කරන මෙහෙබූබ් චිත්‍රගාරයේ සල්මන් ඛාන් සමඟ සටන් ජවනිකාවක් නිරූපණය කරද්දී ඔහු අනතුරකට මුහුණදී ඔහුගේ එක අතක් දරුණු ලෙස අනතුරට ලක්වෙලා.'රේස් -3' සකිබ් සල්මන් එක්ක සටන් ජවනිකාවක් නිරූපණය කරද්දියි මේ අනතුර සිද්ධවුණේ.

ඒ වෙලාවෙම වෛද්‍යවරයෙක් එක්කගෙන එන්න අපිට පුළුවන් වුණා. තුවාලය පරීක්‍ෂා කරපු වෛද්‍යවරයා සකිබ්ගෙ අතට මැහුම් දැම්මා. ඉතින් පැය කීපයකට රූගත කිරීම් නතර කරන්න අපිට සිද්ධ වුණා”යැයි සිදු වීම එලෙස විස්තර කළේ දර්ශන තලයේ රැඳී සිටි ශිල්පියෙක්.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »