Home / බොලිවුඩ් ගොසිප් / රන්බීර් අම්මගෙ තේරීමට කැමැති වෙයිද?

රන්බීර් අම්මගෙ තේරීමට කැමැති වෙයිද?

2017-12-08 11:36:00       600
feature-top
බොලිවුඩ්යේ දඟකාරයාවන රන්බීර් කපූර් විවහවීමට සූදානම්වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

දීපිකා පදුකෝන්, කත්‍රිනා කයිෆ් වැනි බොලිවුඩයේ සුරූපී නිළියන් සමග පෙම් සබඳතා පැවැත් වූ ඔහු විවහවීමට සූදානම්වන්නේ ක්ෂේත්‍රයෙන් පිට යුවතියක සමග බව වාර්තා වේ. ඇය රන්බීර් කපූර්ගේ මව වන නීතු කපූර්ගේ තෝරා ගැනීමකි.

මේ වනවිට 35 වැනි වියෙහි පසුවන තම ආදරණීය පුතුට සුදුසු සහකාරියක් තෝරා ගැනීමට පසුගිය වසර 02 පුරාම බොහෝ වෙහෙස වුන බව නීතු කපූර් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

රන්බීර් කපූර් පැරණි බොලිවුඩ් තරුවන රිෂී කපූර් සහ නීතු කපූර්ගේ බාල පුත්‍රයා ය. ඔහු මේ වනවිට රංගනය මෙන්ම චිත්‍රපට නිෂ්පාදන කටයුතුවල ද නියැලෙයි.

කෙසේ වෙතත් ආරංචි මාර්ග පවසන්නේ රන්බීර් කපූර් බොලිවුඩයේ නවක සුරූපී නිළියන්වන සෝනම් කපූර් සහ නර්ගීස් ෆක්‍රි සමග ද මිතුදමට එහා ගිය සබඳකම් පැවැත් වූ බවයි.

(under the courtesy of rasagossip.lk web)

More News »