Home / බොලිවුඩ් ගොසිප් / ආක්ෂේට තවත් දැවැන්ත නිවසක්

ආක්ෂේට තවත් දැවැන්ත නිවසක්

2017-11-29 11:40:00       245
feature-top
ඉන්දියාවේ මුම්බායි නුවර අන්ධේරි ප්‍රදේශයේ පිහිටි ට්‍රයම්ප් නම් වූ තට්ටු නිවාස සංකීර්ණයේ 21 වැනි මහලේ කොටස් 4 ක් මෑතකදී මිලදී ගත්තේ සුපිරි, ජනප්‍රිය නළුවෙක්. ඔහු තමයි, ආක්ෂේ කුමාර්, වර්ග අඩි 8800 ක් වන මේ විශාල නේවාසික කොටස්වල වටිනාකම ඉන්දීය රු. කෝටි 18 ක් වන බවයි පැවසෙන්නේ. මේ වෙනුවෙන් ආක්ෂේට ගෙවන්නට සිදුවන බදු මුදල් ප්‍රමාණය මෙතෙක් ගණන් බලා නැතිලු.

ආක්ෂේ, තම බිරිය ට්වින්කල් ඛන්නා සහ දූ දරුවන් සමඟ දැනට පදිංචිව සිටින්නේ ජූහු ප්‍රදේශයේ මුහුදු වෙරළ අබියස පිහිටි කොටස් දෙකකින් යුතු සුවිසල් නිවසකයි‍. මීට අවුරුදු කිහිපයකට පෙර ඔහු, ගෝව ප්‍රදේශයේ පිහිටි පෘතුගීසි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව තැනූ වලව්වක් බඳු නිවසක් මිලදී ගත්තා. ඒ විතරක් නොවෙයි. ලොඛන්ද්වාල ප්‍රදේශයේ තට්ටු නිවාස සංකීර්ණයක නිවසක් ද බන්ද්‍රා ප්‍රදේශයේ විශාල නිවසක් ද ආක්ෂේ සතුව තිබෙනවා. මෙහි මුලින් සඳහන් කළ අන්ධේරි ප්‍රදේශයේ ට්‍රයම්ප් තට්ටු නිවාස 4 මිලදී ගැනීමත් සමඟ මුම්බායි නුවර සිටින විශාල තම පෞද්ගලික නිවාස හිමියන් කිහිප දෙනා අතරට එක්වීමට ආක්ෂේටත් හැකිවී තිබෙනවා.


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »