Home / බොලිවුඩ් ගොසිප් / වරුන්ට යුවතියකගෙන් තර්ජනයක්

වරුන්ට යුවතියකගෙන් තර්ජනයක්

2017-11-28 09:49:00       120
feature-top
ජනප්‍රිය නළු, වරුන් ධාවාන් පසුගියදා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. ඒ තමන් පසුපස එන තරුණියකගෙන් එල්ල වන තර්ජනයක් ගැනයි.

වරුන්ට පළමුවෙන් ම මේ තර්ජනය එල්ල වී ඇත්තේ සමාජ මාධ්‍ය ජාලයක් ඔස්සේයි. තවමත් 21 වැනි වියෙහි පසුවන පාසල් ශිෂ්‍යාවක් යැයි පැවසෙන මේ යුවතිය වරුන්ට කියා ඇත්තේ ඔහු, තමන්ව මුණ නොගැසුණොත් දිවි නසා ගන්නා බවයි. ඇය වරුන්ව එලෙස අපහසුතාවට පත් කර ඇත්තේ එක් වතාවක් නොවෙයි‍. ඉන් පසුව ඇය ‘වට්ස් අප්’ මාධ්‍යය ඔස්සේ කෙටි පණිවුඩ එවමින් ද තර්ජනය කර තිබෙනවා. තවත් විටෙකදී වරුන්ගේ දුරකතනයට නාඳුනන අංකයකින් කතා කළ ඇය පවසා ඇත්තේ තමන් විසින් එවන ලද වට්ස් අප් පණිවුඩවලට පිළිතුරු නොඑවුවහොත් තමා දිවි නසා ගන්නා බවයි. මේ නිසා වරුන් ධාවාන් මේ යුවතිය ඇමතූ අංකවලට බාධක යෙදීමට කටයුතු කළා.

වරුන් මේ යුවතියගේ තර්ජනාත්මක පණිවුඩ පිළිබඳව පැමිණිල්ල ඉදිරිපත් කළේ සැන්ටාකෲස් පොලිසියේ සයිබර් අපරාධ කටයුතු පිළිබඳ අංශයටයි. “අපිට වරුන් ධාවාන් ගෙන් මේ ගැන පැමිණිල්ලක් ලැබී තිබෙනවා. අපි ඒ ගැන පරීක්ෂණ සිදු කරනවා.” එහි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පැවසුවා.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »