Home / බොලිවුඩ් ගොසිප් / කරිෂ්මා දෙවැනි ගමන අරඹයි

කරිෂ්මා දෙවැනි ගමන අරඹයි

2017-11-27 09:58:00       295
feature-top
කරිෂ්මා කපූර් තම ජීවිතයේ ‘දෙවැනි ගමන’ ත් අරඹන්නටයි සූදානම. මේ දෙවැන්න ඇරැඹෙන්නේ ධනවතකු වන සන්දීප් ටොෂ්නිවාල් එක්කයි. කරිෂ්මා සහ සන්දීප් දෙදෙනාගේ ම පෙර විවාහ අසාර්ථක වූ බව රහසක් නොවෙයි. ඒ නිසා මේ දෙදෙනාම වසර කිහිපයක් තිස්සේ ම නඩු කියන්න පටන් ගත්තා. කරිෂ්මා තම පළමු සැමියා වූ සන්ජේ කපූර්ගෙන් දික්කසාද වීමට නීතිය ඉදිරියට ගියා. සන්දීප් ද තම පළමු බිරිය වූ අෂ්රිටා ගෙන් වෙන්වීමට නඩු මගට පිවිසුණා.

කරිෂ්මා, සන්ජේ සමඟ යුගදිවි ගමන් ඇරැඹුවේ 2003 දී. ඔවුන් දෙදෙනාට සමෙයිරා නමින් 12 වියැති දියණියක් ද කියාන් නමින් 7 වියැති පුතකු ද සිටිනවා. ඒත්, මේ යුග දිවිය පැවතුණේ 2016 වනතුරු පමණයි. වෙහෙසකර නෛතික ‘සංග්‍රාමයකින් පසුව ගිය වසරේදී සන්ජේටත් කරිෂ්මාටත් වෙන්වීමට ඉඩකඩ ලැබුණා. මේ වනවිට සන්ජේ, ප්‍රියා චට්වාල් සමඟ විවාහ වී සිටිනවා.

වසර 14 ක විවාහ ජීවිතයක් අශ්රිටා සමඟ ගත කළ සන්දීප්, වසර 7 ක් තිස්සේ නඩු කිව්වේ ඇගෙන් නිත්‍යානුකූලව වෙන්වීමටයි. දැන් එලෙස වෙන්වීමේ අවසරය ලැබී තිබෙනවා. 2003 දී විවාහ වූ සන්දීප් - අෂ්රිටා යුවළ දැන් දික්කසාද වූ දෙදෙනෙක්. මේ දෙදෙනාගේ දියණියන් දෙදෙනාගේ භාරකාරත්වය අෂ්රිටා වෙත පැවරී තිබෙනවා. දියණියන් දෙදෙනාට රුපියල් කෝටි 3 බැගින් සහ අෂ්රිටා වෙත රු. කෝටි 2 ක් මෙන් ම පදිංචිව සිටීමට තට්ටු නිවාසයක් ලබාදීමටත් සන්දීප් එකඟ වෙලා. සන්දීප් සහ කරිෂ්මා ගේ නීතිමය ගැටලු නිරාකරණය වීමත් සමඟම යටපත් වී තිබුණු කටකතාවට යළි පණ ලැබිලා. ඒ, සන්දීප් - කරිෂ්මා විවාහය ගැනයි. බොලිවුඩ් ආරංචිවල සටහන් වන්නේ දෙදෙනාගේ දෙවැනි විවාහය ළඟදීම සිදුවනු ඇති බවයි. මේ ගැන ඉන්දීය මාධ්‍ය කරිෂ්මාගේ පියා රන්ධීර් කපූර්ගෙන් විමසූ විට ඔහු මෙලෙස කීවා... “කරිෂ්මාට ආයෙත් විවාහ වෙන්න පුළුවන්. එයා තවම තරුණයි. මම මගේ දුවට සුබ පතනවා.”

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »