Home / බොලිවුඩ් ගොසිප් / ශ්‍රද්ධා ට තවමත් බැඩිමින්ටන් බැරිලු

ශ්‍රද්ධා ට තවමත් බැඩිමින්ටන් බැරිලු

2017-11-14 10:00:00       120
feature-top
ඉන්දීය පාතාල ලෝකයේ නායාකාවක වූ හසීනා පාකර්ගේ ආන්දෝලනාත්මක චරිතයට පණ පොවමින් කාගේත් අවධානය දිනා ගත් ජනප්‍රිය නිළි ශ්‍රද්ධා කපූර් ගේ මීළඟ රංගනය ත් ඇයට අලුත් අත්දැකීමක් වෙලා. ඇය මේ දිනවල ලක ලැහැස්ති වන්නේ අති දක්‍ෂ බැඩිමින්ටන් ශූරියක වන සයිනා නෙවාල්ගේ චරිතය රඟපෑමටයි. සයිනාගේ ජීවිතය වටා ගෙතෙන මේ අලුත්ම චිත්‍රපටයට මෙතෙක් නමක් යොදා නැහැ. අමෝල් ගුප්තේ අධ්‍යක්‍ෂණය කරන මෙම චිත්‍රපටයේ රූගත කිරීම් ඇරැඹිමට නියමිතව තිබුණේ පසුගිය මස අග හරියේදීයි. නමුත් එය ප්‍රමාද වී ඇත්තේ ශ්‍රද්ධාගේ අඩුපාඩුවක් නිසයි. ඇයට මේ වනතෙක් නිවැරැදි අයුරින් බැඩිමින්ටන් ක්‍රීඩාව කිරීමට හැකියාව ලැබී නැහැ. පසුගිය සති කිහිපයක් තිස්සේ ශ්‍රද්ධා නිරතුරුවම බැඩිමින්ටන් ක්‍රීඩාව පුහුණු වුණ නමුත් ඇයට නිරූපණය කරන්නට ලැබී ඇති ප්‍රවීණ බැඩිමින්ටන් ක්‍රීඩිකාවගේ චරිතය ට

උචිත ලෙස තවමත් ඇය තුළින් ඒ ක්‍රීඩා කුසලතාව මතු නොවන බවයි පැවසෙන්නේ මෙම පුහුණුවීමි අතර තුරදී ශ්‍රද්ධා ගේ පාදයක් ආබාධයකට ලක්වෙලා. ඉතින් එය සුව කරගෙන ඇයට යළි පුහුණුවීමි වල යෙදීමට සිදුවන නිසා චිත්‍රපටයේ රූගත කිරීමි ලබන වසර මුලදී ඇරැඹිය හැකි බවයි අධ්‍යක්‍ෂවරයා පැවසුවේ.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »