Home / බොලිවුඩ් ගොසිප් / කරීනා ට මාස පහක නිවාඩුවක්

කරීනා ට මාස පහක නිවාඩුවක්

2017-11-13 09:26:00       124
feature-top
කරීනා කපූර් ඛාන් පසුගිය දිනවල කාලය ගත කළේ දැඩි අවිවේකයකින්. එක අතකින් ඇයට චිත්‍රපට රූගත කිරීමකට කාලය මිඩංගු කිරීමට සිදුවුණා. තවත් අතකින් පුංචි පුතු තයිමූර්ගේ වැඩ කටයුතු අතපසු කළ නොහැකි වුණා.

පුංචි පුතුගේ වයස තවම මාස දහයයි. ඒත් කලින් ගිවිසුමි අත්සන් කර තිබුණු ‘වීරෙ ඩි වෙඩින් ‘ චිත්‍රපටයේ රඟපෑම පැහැර හැරීම කළ නොහැකි නිසා ඇයට ඒ චිත්‍රපටයේ රඟපෑමට සිදුවුණා. මේ චිත්‍රපටයේ රඟපාන අතරතුරදී කරීනා පැවසුවේ ලබන වසරේ මාර්තු මාසය වන තුරු කිසිදු අලුත් චිත්‍රපටයක රඟපෑම ට එකඟ නොවන බවයි. තම බිලිඳු පුතා සමඟ කාලය ගත කිරීම අත්‍යවශ්‍ය නිසා මේ අයුරින් මාස කිහිපයක නිවාඩුවක් ගැනීමටයි කරීනා බලාපොරොත්තු වන්නේ.

“වීරෙ ඩි වෙඩින් ” චිත්‍රපටයේ රූගත කිරීම් සිදුවන දිනවලදී කරීනා එහි දර්ශනවල රඟපෑමට පැමිණියේ පුංචි පුතු සමඟයි. එලෙස ඇය පුංචි තයිමූර් ව රැගෙන ආවේ සුපිරි නිළියක වුවත් තමන් සැබෑ මව් සෙනෙහස දන්නා අයකු නිසා බවයි කරීනා පැවසුවේ. කොහොම වෙතත් පුංචි පුතු පැපරාසි කැමරා කරුවන්ගේ ඇස්වලට හසුවීම ගැන කරීනා තුළ ඇත්තේ කණස්සල්ලක්. “මගේ පුතා නළු නිළි යුවළකගේ දරුවකු හැටියට විශේෂ අවධානයකට ලක්වෙනවාට මම කැමති නැහැ එයා සාමාන්‍ය දරුවෙකු විදිහට හැදෙනවා දකින්නයි මට අවශ්‍ය වෙලා තියෙන්නෙ”. රජ පෙළපතකට උරුමකමි කියන තයිමූර් අලිඛාන් පතාඋඩි පුංචි කුමරුන් ගැනයි කරීනා එලෙස පැවසුවේ.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »