Home / බොලිවුඩ් ගොසිප් / මම කවදා හරි බදින්නේ අර කෙල්ල තමයි

මම කවදා හරි බදින්නේ අර කෙල්ල තමයි

2017-11-10 09:38:00       154
feature-top
රිතික් රෝෂන් සහ සුසේන් මේ වනවිට  දික්කසාද යුවළක් බව  නොරහසක්. නමුත් ඔවුන් සිය දරුවන් වෙනුවෙන් ඕනෑම අවස්ථාවක එකිනෙකා හමුවනවා.

ඔවුන් දෙදෙනා නැවතත් විවාහ වන්නට සුදානම් වන බව කටකතා ඔස්සේ පැතිර යන නමුත් සුසේන් ඒවා ප්‍රතික්ෂේප කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එහෙත් දරු දෙදෙනා සමඟ සාදා, විනෝද චාරිකා ආදී නොයෙක් තැන් වල එකට යන ඔවුන් දෙදෙනාව මාධ්‍ය ඇසට හසුව තිබෙනවා.

ඔවුන්ගේ ආදර කතාව ගැන අදහස් දක්වමින් මිතුරෙකු කියා තිබෙන්නේ මෙවැන්නක්.

” ඔවුන් දෙදෙනාට ඇත්තේ චිත්‍රපටයක තරම් සුන්දර ආදර අන්දරයක්. මේ දෙදෙනාගේ පවුලේ අය හිත මිතුරන් වුවත් කුඩා කාලයේදී මිසක් රිතික් හා සුසේන් එකිනෙකා හමු වී නැහැ.

රථවාහන තදබදය අතර තුර රිතික්, සුසේන්ව දැක ඇති අතර එම අවස්ථාවේ ඔහුට ඇයව හඳුනාගැනීමට හැකිව තිබුණේ නැහැ.

ඒ අනුව ඇයගේ කාරයේ අංකය මතකතබාගෙන ඇත්තේ කෙසේ හෝ ඇය හමුවීමේ අරමුණින් යුතුවයි.

ඉන් අනතුරුව රිතික්ට ඇය හමුවන්නේ  සිය සොයුරියගේ මංගල උත්සවයට පැමිණ සිටි අමුත්තියක ලෙසයි.

එම අවස්ථාවේ මිතුරෙකුට සුසේන්ව පෙන්වා ඔහු කියා ඇත්තේ, ”මම කවදා හරි බදින්නේ අර කෙල්ල තමයි.”

මුල් කාලය තුළ රිතික් ජනප්‍රිය නළුවකුව සිට නැති අතරම සුසේන් ගෘහභ්යාන්තර අලංකරණ ශිල්පිනියක වූ සුසේන් විශාල ආදායමක් ලබමින් සිට ඇත.

ඔවුන්ගේ ආදර සම්බන්ධය ආරම්භ කර වසරකට පසු දිනෙක රිතික් මුම්බායි මුහුදු වෙරළේ දී ඇය ඉදිරියේ දණින් සිටගෙන විවාහ යෝජනාවක් කර තිබෙනවා.

එය සතුටින් පිළිගත් සුසේන්, ඔහු හා විවාහ වුයේ වෙනස්ම ආකාරයකටයි.

රිතික් හින්දු ආගමිකයෙකු මෙන්ම සුසේන් මුස්ලිම් ආගම ඇදහු නිසාවෙන් බොහෝ දෙනෙකු කියා සිටියේ එය හරියට ක්‍රිස්තියානි මංගල්‍යයක් ආකාරයෙන් පවතුවුණු බවයි.

බැංගලෝරයේ සුවිසල් හෝටලයක පැවති උත්සවයට ඛාන් පවුල සහ රොෂාන් පවුලත් සමීපතමයින් රැසක් ද සහභාගී වී තිබෙනවා.

එදා ඉදලා කවදාවත්ම සුසේන්ගෙන් ඈත් වෙලා ඉදලා නෑ කියන රිතික්ම දික්කසාද වීම සියල්ලන්ටම පුදුම සහගත කාරණයකි.

මෑතකදී සුසේන් පුනේවල මහල් ගොඩනැගිල්ලක ඉහළ මාලය රුපියල් කෝටි 17කට මිලදී ගෙන තිබෙනවා.”

ඇය වෙනත් විවාහයකට සුදානමින් එසේ කළ බව ඇතැම්හු අදහස් දක්වන අතරම ඇය ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නොමැත.

(under the courtesy of rasagossip.lk web)

More News »