Home / බොලිවුඩ් ගොසිප් / ආඩම්බර අත්තම්ම

ආඩම්බර අත්තම්ම

2017-11-09 09:54:00       543
feature-top
එදා හින්දි තිරයේ සිහින කුමරිය ලෙස ජනප්‍රිය නිළි හේමා මාලිනීව හැඳින්වූවත් අද ඇය දෙවැනි වතාවටත් අත්තම්මා කෙනකු බවට පත්වෙලා. හේමා මාලිනී මුලින් ම අත්තම්මා කෙනෙකු වුණේ 2015 දී. ඒ, ඇගේ බාල දියණිය අහානා ඩියොල්ට පුතකු ලැබීමත් සමඟ‍. පසුගිය 20 දා හේමා මාලිනීගේ වැඩිමල් දියණිය, ජනප්‍රිය නිළි ඊෂා ඩියොල්ට දියණියක ලැබුණා.

මේ බිලිඳිය හාපුරා කියා මුලින් ම රැගෙන ආවේ හේමා මාලිනී පදිංචිව සිටින ජූහු ප්‍රදේශයේ පිහිටි බංගලාවටයි. එහිදී මේ අලුත් සාමාජිකාව පිළිගන්න සීයාත් පැමිණ සිටියා. (ඒ තමයි හේමා මාලිනීගේ සැමියා වන ප්‍රවීණ නළු ධර්මේන්ද්‍ර) හේමා මාලිනී තමන්ගේ මිනිබිරිය පිළිගත්තේ සාම්ප්‍රදායික ද්‍රවිඩ සිරිත් විරිත් වලට අනුවයි. ඔක්තෝබර් 20 වැනි දින සුබ දිනයක් හැටියට සැලකිය හැකි බවයි ඇය පැවසුවේ.

බිලිඳු දියණියක උපන් නිසා පවුලේ හැමෝම සතුටින් පසුවන බවයි, ඔවුන්ගේ සමීපතමයකු පැවසුවේ අහානාගේ පුතු, ඩාරින් ගේ වයස දැන් අවුරුදු 2 යි. පුංචි නංගියකු ලැබීම නිසා ඔහුටත් සතුටුයිලු.

මේ සිඟිත්තියට තවමත් නමක් තබා නැහැ. ඒ කටයුත්ත සිරිත් විරිත් පිළිපඳිමින් ළඟදීම සිදුවන බවයි ආරංචි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »