Home / බොලිවුඩ් ගොසිප් / සෝනම් – දීපිකා අමනාපය

සෝනම් – දීපිකා අමනාපය

2017-11-07 09:52:00       94
feature-top
සුපිරි නිළි දෙපළක් අතර කාලයක පටන් පොඩි ආරවුලක් පැවතුණු බව බොලිවුඩ්පුරයේ බොහෝ දෙනෙකු දන්නවා.

මේ නිළි දෙපළ තමයි, දීපිකා පදුකෝන් සහ සෝනම් කපූර් දෙදෙනා අතර අමනාපයක් හටගත්තේ ‘කොෆි විත් කරන්’ වැඩසටහනක් නිසා.

ප්‍රවීණ සිනමාකරු කරන් ජොහාර් විසින් මෙහෙයවනු ලබන ‘කොෆි විත් කරන්’ සංවාදාත්මක වැඩසටහනට එක්වූ සෝනම් කපූර්, කරන් ජොහාර් ගේ ප්‍රශ්නයකට පිළිතුරු දීමේදී දීපිකා ගැනත් යමක් ඇගේ මුවෙන් නික්මුණා.

තම පියා වන ප්‍රවීණ නළු අනිල් කප‍ූර් සමඟ වැඩසටහනට පැමිණි සෝනම්, දීපිකා ගේ ඇඳුම් මෝස්තරවල මතුවන අඩුපාඩු ගැන යමක් සඳහන් කළා. ඒ විතරක් නොවෙයි. දීපිකා මනෝ චිකිත්සක ප්‍රතිකාර ලබාගන්නා බවත් සෝනම් ගෙන් පැවසුණා.

සෝනම් පැවසූ මනෝ චිකිත්සක ප්‍රතිකාර කතාවෙන් කෝපයට පත්ව‍ූ දීපිකා, එයට දැක්ව‍ූයේ ගිනියම් වූ ප්‍රතිචාරයක්. මෙයින් පසුව දෙදෙනා අතර වාග් සංග්‍රාමයක් ඇවිළී ගියේ මාධ්‍ය ඔස්සේයි.

එලෙස දෙදෙනා අතර ඇතිවූ සීතල යුද්ධය පසුගිය මාස දෙක තුන තුළදී තරමක් අඩු ව‍ූවා.

තත්ත්වය ‍එලෙස යහපත් වෙද්දී පසුගියදා පැවැති ද‍ීපවාලී උත්සවය වෙනුවෙන් වූ සාදයකට මේ දෙදෙනාම සහභාගි වුණා.

එහිදී පරණ අමනාපකම් අත්හැර දැමූ සෝනම් සහ දීපිකා යළි මිතුරු වුණා.

දෙදෙනා එකට සිටිමින් ඡායාරූප කිහිපයකට ම මුහුණ දුන්නා. සෝනම් සමඟ එහි පැමිණි ඇගේ නැගණිය වන රියා කපූර්, මේ ඡායාරූප ඉන්ස්ටග්‍රෑම් පිටුවටත් ඇතුළත් කළා.

(under the courtesy of rasagossip.lk web)

More News »