Home / බොලිවුඩ් ගොසිප් / මිරා රාජ්පුට් රංගනයට?


මිරා රාජ්පුට් රංගනයට?


2017-10-14 09:49:00       707
feature-top
ජනප්‍රිය නළු ශාහිඩ් කපූර්ගේ ආදරණීය බිරිය මීරා රාජ්පුට්. ඇය බොලිවුඩ් සිනමා ලෝකයට කිසිදු අයුරකින් සම්බන්ධවූ කෙනකු නොවෙයි. ඇය බැංකු නිලධාරිනියක්. ඒ වුණත් රූප ශ්‍රීයෙන් අඩුවක් නැති මිරා, සිනමා නිළියකට නම් ගැළපෙනවා‍. ඒ නිසාදෝ ළඟදීම බොලිවුඩ් සිනමාවට එක්වීමේ අදහසක් ඇගේ සිත තුළ ජනිත වෙලා. ඇගේ කැමැත්තට ඉඩ දී ඇති ශාහිඩ්, ඇයට ඒ වෙනුවෙන් උපරිම සහයෝගය දෙන්නට බලාපොරොත්තු වෙනවාලු.

මෑතකදී එක්තරා මාධ්‍යවේදියකු ශාහිඩ් ගෙන් ඇසුවේ මීරා, බොලිවුඩ් නිළියක ලෙස ඉදිරියට ගමන් කළොත් එයට කැමැති ද කියලයි. එයට පිළිතුරු දුන් ශාහිඩ් පැවසුවේ සිනමා රංගනයට පිවිසෙන්නට මීරා තුළ අකැමැත්තක් නැති නම් තමන් ඇයට ඒ වෙනුවෙන් උදවු කරන බවයි. කොහොම වෙතත් මිරා මේ වනවිට තම ජීවිතය ගත කරමින් සිටින්නේ කාර්ය බහුලවයි.

එක අතකින් වෘත්තීය ජීවිතය සහ අනෙක් අතින් ශෘහ ජීවිතය තුළ බිරියක සහ මවක ලෙසින් වගකීම් රැසක ඇය පැටලිලා. බොලිවුඩයේ සුපිරි නිළියන් කිහිප දෙනකු ම මවු පදවිය ලබා තම දරු දැරියන් වෙනුවෙන් කාලය කැප කරද්දී සිනමා රංගනයටත් එකතු වෙනවා. කරීනා කපූර්, ඓශ්චර්යා රායි සහ සෝහා අලි ඛාන් එයින් තිදෙනෙක්. ඉතින්, මීරාටත් ‍ඔවුන් අනුගමනය කරමින් සිනමා රංගනයට පිවිසිය හැකි යැයි ශාහිඩ් සහ ඇගේ හිතවත් පිරිස පවසනවා.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »