Home / බොලිවුඩ් ගොසිප් / ඩිෂා-ටයිගර් පෙම් කතාවට අත්තටු ලැබිලා


ඩිෂා-ටයිගර් පෙම් කතාවට අත්තටු ලැබිලා


2017-10-13 10:42:00       706
feature-top
 ඩිෂා පටානි, බොලිවුඩ්පුරයට එක්වූ නවක යොවුන් නිළියක්. මේ රුවැති යෞවනිය සමඟ සිනමා ලොව පෙම් කරන්නට එක්වී සිටින්නේ ටයිගර් ශ්රොෆ්. බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය සහ ප්‍රවීණ නළුවකු වන ජැකී ‍ශ්රොෆ් ගේ පුත්‍රයා තමයි, ටයිගර්.

ටයිගර් සහ ඩිෂා ගේ කුළුඳුල් පෙම් රැඟුම් ඇතුළත් වන චිත්‍රපටය, ‘බාගි - 2’. මේ චිත්‍රපටයේ මුල් කොටස වූ ‘බාගි’ තිරගත වුණේ 2016 දී. මෙහි පෙම්වතා ලෙස රඟපෑවේ ටයිගර් ශ්රොෆ්. ඔහුගේ පෙම්වතිය වුණේ ශ්‍රද්ධා කපූර්. දැන් ‘බාගි - 2’ චිත්‍රපටයේ ඩිෂා නිරූපණය කරන්නේ ශ්‍රද්ධා එදා ‘බාගි’ චිත්‍රපටයේ රඟපෑ චරිතයයි. ‘බාගි - 2’ චිත්‍රපටයේ රූගත කිරීම් ඇරැඹුණේ සැප්තැම්බර් 18 දා. එදින ඇරැඹුණු රූගත කිරීම්වලට එක්වී සිටියේ ටයිගර් සහ ඩිෂා රූගත කිරීම්වල මුල් අදියර නිමාවට පත්වූ එදා, ටයිගර් විසින් කාගේත් සිත් පැහැර ගන්නා සුළු ඡායාරූප සහ වීඩියෝ දසුන් අන්තර් ජාලයට එක්කර තිබුණා. ඒ, ඔහු සහ ඩිෂා පෙනී සිටින අවස්ථා රැසක්. ඔවුන් දෙදෙනා එක්තරා පිහිනුම් තටාකයක විවිධ ඉරියව් වලින් සිටින අයුරු තමයි, ඒ දසුන්වල දැක්වුණේ.

ඩිෂා ඊට කලින් එම පිහිනුම් තටාකයේ ම රැඳී සිටිද්දී ගන්නා ලද ඡායාරූප කිහිපයක් තම ඉන්ස්ටග්‍රෑම් පිටුවට එක්කර තිබුණා. මේ හේතුවෙන් ටයිගර් සහ ඩිෂා අතර මෝදු වෙමින් පවතින සැබෑ ප්‍රේම කතාවට අත්තටු ලැබී ඇති බවයි පැවසෙන්නේ.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »