Home / බොලිවුඩ් ගොසිප් / මහිරා ගේ දුම්පානය දුරදිග ගිහින්

 

මහිරා ගේ දුම්පානය දුරදිග ගිහින්

 

2017-10-12 10:09:00       698
feature-top
මහීරා ඛාන්, පාකිස්ථානු සිනමාවෙන් බොලිවුඩයට සම්ප්‍රාප්ත වූ නිළියක්. ඇය සහ බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළු, රන්බීර් කපූර් සමඟ ‘තිරයෙන් පිටුපස’ දී ගන්නා ලද ඡායාරූප කිහිපයක් නිසා ආන්දෝලනයක් හටගෙන තිබෙනවා. මේ ඡායාරූපයට දෙදෙනා පෙනී සිටින්නේ නිව්යෝක් නුවරදී. එහි තිබෙන සුපිරි අවන්හලක් තුළ මහීරා සහ රන්බීර් දුම්වැටි උරමින් සිටින අයුරු තමයි, ඒ ඡායාරූප දැක්වෙන්නේ.

මේවා අන්තර්ජාලය ඔස්සේ ලොව දස අත විසිරෙද්දී ඊට එ‍රෙහිව අවි අමෝරා ගත්තේ අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායම් කිහිපයක්. ඔවුන් දැඩිව විරෝධය දක්වමින් ප්‍රකාශ කළේ මහීරා වැනි මුස්ලිම් ජාතික යුවතියකට මෙවැනි හැසිරීම් අනුමත කළ නොහැකි බවයි. මහීරා තමන් උපන් රටට අවමන් කර ඇතැයි ද ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.

එලෙස ප්‍රසිද්ධියේ දුම්පානය කිරීම කුමන ජාතියක් හෝ ආගමක් අනුමත කරන්නේ නැහැ. එය හෙළා දැකිය යුතු සිද්ධියක්. මේ ඡායාරූප ප්‍රසිද්ධ වීමත් සමඟම රන්බීර් සහ මහීරා අතර පවතින පෙම් සබඳකම හොඳින්ම තහවුරු වූ බවයි සමහරු පවසන්නේ. මේ ගැන රන්බීර්ගෙන් වගතුග විමසූ විට ඔහු පැවසුවේ මහිරා, තමන් අගය කරන, ගරු කරන යුවතියක් බවයි. ඒත්, තමන් සහ මහිරා අතර පෙම් සබඳකමක් පවතින බවට පළවන පුවත් පිළිබඳව ඔහු කිසිවක් ප්‍රකාශ කළේ නැහැ.

මේ අතර, පාකිස්ථානයේ ඇතැම් අවන්හල් හිමියන් ආන්දෝලනයට ලක්වූ මහිරා ගේ මේ ඡායාරූප තම අවන්හල් තුළ ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර තිබෙන බවයි ආරංචි. ඒ, වෙන කිසිවකට නොවෙයි. පාරිභෝගික අවධානය දිනා ගන්නටයි.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »