Home / බොලිවුඩ් ගොසිප් / සන්ජේ - සල්මන් අළු යට ගිනි


සන්ජේ - සල්මන් අළු යට ගිනි


2017-10-04 10:43:00       703
feature-top
සන්ජේ දත් සහ සල්මන් ඛාන් බොලිවුඩ් සිනමාවේ ඉහළම තලයක වැජඹෙන නිසාදෝ දෙදෙනා අතර පැවතුණේ දැඩි අමනාපයක්. මෙය, බොලිවුඩයේ කවුරුත් දන්නා ඇත්තක්. ඒත් මෑතකදී මුකේෂ් අම්බානි නම් වූ ධනවත් ව්‍යාපාරිකයා විසින් සංවිධානය කරන ලද ගනපති උත්සවයේදී මේ දෙදෙනා මිතුරන් බවට පත්වුණා. සන්ජේ සහ සල්මන් එකිනෙකා සෙනෙහසින් වැලඳගෙන පැරැණි අමනාපකම් දුරු කරන බව ලෝකයාට එහිදී පෙන්නුම් කළේ කාගේත් සුබ පැතුම් මැද්දේයි. හැමෝම කීවේ දැන් ඉතින් සන්ජේ සහ සල්මන් හොඳම මිතුරන් බවට පත්වේවිය කියලයි.

නමුත්, ඒ බලාපොරොත්තු සුන් කෙරෙන දෙයක් පසුගියදා සිදු වුණා. සන්ජේ රඟපෑ අලුත්ම චිත්‍රපටයේ මංගල දර්ශනයට ඇරයුම් ලද විශේෂ ආරාධිත අමුත්තන් අතර සල්මන් සිටියේ නැහැ. චිත්‍රපටයේ නම ‘භූමි’. මේ චිත්‍රපටයේ මංගල දර්ශනය නැරැඹීමට බොලිවුඩ් සිනමාවේ සුපිරි තරු රැසකට ඇරයුම් ලැබී තිබුණා. අමීර් ඛාන්, ශාරුක් ඛාන්, විදු විනෝද් චොප්රා, රන්බීර් කපූර්, සුනිල් ෂෙට්ටි සහ මානා ෂෙට්ටි යුවළ, රාජ් කුමාර් හිරානි, කරන් ජොහාර්, සොනාක්ෂි සිංහ, ශත්රුගන් සිංහ, අජේ දේව්ගන් සහ කාජල් යුවළ, අභිෂේක් භච්චන් සහ ඓශ්වර්යා රායි යුවළ ඇතුළු තවත් කලාකරුවන් ඇරයුම් ලැබුවා. ඔවුන් සියලු දෙනාම එදා ඒ චිත්‍රපටය නැරැඹීමට පැමිණ සිටියත් සල්මන් පැමිණ සිටියේ නැහැ. තතු දන්නා අය පැවසුවේ සල්මන්ට ඇරයුමක් යවා තිබුණේ නැති බවයි.

මේ ගැන මාධ්‍යවේදීන් සන්ජේ දත්ගෙන් විමසූ විට ඔහු කීවේ මෙවැන්නක්... “සල්මන් මගේ සහෝදරයෙක් වගෙයි. එයාට මේ දවස්වල හරියට වැඩ. මටත් එහෙමයි. පහුගිය දවස්වල මට සල්මන්ව මුණ ගැහුණෙත් නැහැ.” ඒත්, ඇරයුම් නොකළ හේතුව සන්ජේ පැහැදිලි කළේ නැහැ.

සමහරු පවසන්නේ සන්ජේගේ කළමනාකාරිනිය ලෙස සේවය කළ රෙෂ්මා ෂෙට්ටි තමන්ගේ වැඩ කටයුතුවලට හවුල් කර ගැනීමට සල්මන් තීරණය කළ නිසා සන්ජේ තුළ සල්මන් කෙරෙහි අමනාපයක් මතුවී ඇති බවයි. සන්ජේ, රෙෂ්මා ෂෙට්ටිව ඉවත් කළේ ගනුදෙනු පිළිබඳ ප්‍රශ්නයක් නිසාලු.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »